ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්විය යුතු බවට එජාපයේ මරික්කාර් සිදුකළ ප්‍රකාශය ගැන අප කළ විමසීමකදීය.
“අපි මේ ඉන්නේ ඇමතිකම් දාල යන්න බැරුව නෙවෙයි. අපිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපතිතුමයි කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විදියට මේ ජාතික ආණ්ඩුවේ වගකීම් ගන්න. අපි ඉන්නේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ජනාධිපතිතුමා යන්න කියනවනම් යන්නත් අපි සූදානම්. අපි මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළොත් ඇමතිධූරවලින් අපි ඉවත්විය යුතුයි කියල එවිට එය කරන්න අපිට පුළුවන්. අපිට මේ සියල්ල ලැබිල තියෙන්නේ පක්ෂය තුළින්. අපි එදා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රීලංකා නිදහස් පාක්ෂකයෝ විදියටයි.”
මරික්කාර් කියන්නේ අගමැතිගේ තෝල්කයාද? එයා කවුද අපිට යන්න කියන්න? තමන් ඇතුළු පිරිස සිටින්නේ එවන් ස්ථාවරයක බැවින් තැන් තැන්වල නොයෙක් කතා කීමෙන් පලක් නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
කැබිනට් ඇමතිවරුන් 06 දෙනකු සහ සෙසු ඇමතිවරුන් 16 දෙනකු විශ්වාසභංගයට සහය පළ කළා.

