මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි

මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි
Spread the love

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද  (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය…

” මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා  අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල  එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ.  ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ “