ශී‍්‍ර ලංකා අවසන් මලල කි‍්‍රඩා බලාපොරොත්තුව වන පිරිමි මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද (30) එම ඉසව්වේ අවසන් තරගයට එක් වනවා.
එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.10ට ආරම්භ වීමට නියමිතයි.
මෙම ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාරයි. අවසන් තරගයට එක්ව සිටින මීටර් 400×4 සහාය දිවීම් කණ්ඩායම් අතර කාල ගණනය අනුව ශී‍්‍ර ලංකාව පසුවන්නේ 4 වන ස්ථානයේයි.
මලල කී‍්‍රඩා පදක්කම් බලාපොරොත්තු රැසක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වුවද ඉන් කිසිදු පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලාංකික මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත් කාලිංග කුමාරගේ ප‍්‍රමුඛ මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද පැවැත්වෙන අවසන් තරගය පිළිබදව සිටින්නේ දැඩි බලාපොරොත්තුවකින්.
මේ අතර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි තරග අද සිට ආරම්භ වන අතර ශී‍්‍ර ලංකාවද අද තරග බිමට පිවිසෙනවා. ශී‍්‍ර ලංකාව මෙහිදී තරග වදින්නේ සී කාණ්ඩයෙන්. ප‍්‍රබල දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඇෆ්ගනිස්තානය එම කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා.
සුදර්ශන මුතුතන්ති‍්‍රගේ නායකත්වයෙන් තරග වදින ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම අද දිනයේදී තරග දෙකකට සහභාගා වීමට නියමිත අතර පළමු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය සමගත් දෙවන තරගය දකුණු කොරියාව සමගත් පැවැත් වෙනවා.