මහන්සි නොවී ‘කෙට්ටු වෙන්න’

මහන්සි නොවී ‘කෙට්ටු වෙන්න’
Spread the love

බර අඩු කර ගන්න තමයි අද කොයි කාගෙත් හීනය වෙලා තියෙන්නෙ. ඕනෙම කෙනෙක් හිටියාට වඩා ටිකක් හෝ මහත් උනත් ඒ ගැන හරියට හිතනවා.

ඇත්ත වශයෙන්ම ඇග ටිකක් මහත් වෙනවා කියන්නෙ රෝග රැසකට මුල පුරනවා වගේ අදහසක් තමයි බහුතරයක් කියන්නෙ. ඒකෙ ඇත්තක් නැතුවමත් නොවේ. ඒ කොහොම වුනත් ඇග ටිකක් මහන්සි කරවලා ව්‍යායාම කරලා, එදිනෙදා ඔබේ ආහාර රටාව පාලනය කරලා සෞඛ්‍ය සම්පන්න හුරුපුරුදු වලට යොමු වෙනවා නම් මහත් වෙන එක ගැටවවක් නෙවෙයි.

ඒ කොහොම වුනත් මෙන්න මේ කරුණු ගැන සැළකිළිමත් වෙලා බලන්න.ඔබ දැනටමත් ටිකක් මහත් වෙලා නම් වෙහෙසකර ව්‍යායාම් වල නොයෙදීම මේ විදියට සැහැල්ලු සිරුරකට හිමිකම් කියන්න අනිවාර්යෙන්ම පුළුවන්.

  • ඇත්තටම බඩගිනිද තිබහද යන්න නිවැරදිව අවබෝධ කරගන්න

සමහර වෙලාවල් වලට අපට තිබහක් දැනෙන්නෙත් බඩගින්නක් විදියට.අන්න ඒ නිසා මේ දෙක හරියට අවබෝධ කරගන්න එක වැදගත් වෙනවා.ඒ නිසා ඔබ පළමුවෙන්ම කල යුතු වන්නේ බඩගින්නක් දැනුනු සැනින් සීතල වතුර වීදුරුවක් පානය කිරීමයි.ඊට පසුවත් ඔබට බඩගිනි නම් ආහාරයක් ගන්න

  • පොඩි පොඩි කෑම වේල් වලට යන්න

බර අඩු කරගන්නවා කියන්නෙ ඔබේ කෑම වේල එහෙම්පිටින්ම කපා දානවා කියන එක නම් නෙවෙයි. ඔබේ ශරීරයේ පැවැත්මට වගේම මනා ක්‍රියාකාරීත්වයටත් ආහාර වැදගත් බව මතකතබා ගන්න.හිතු මනාපෙට ඔබේ ආහාර වේල් කපා හැරීම තුළින් සිදුවන්නේ ඔබ රෝගියෙකු වීම පමණයි. මේ නිසා සීනි පිටි තෙල් අවම ආහාර වේල් පොඩි ප්‍රමාණ වලින් වේල් කීපයකට ගන්න.

  • උදේ ආහාර වේල මගහරින්නම එපා

දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න නම් ඔබ උදේ ආහාර වේල අනිවාර්ය කැගත යුතුයි.දවසේ පැය ගණනාවක් නින්දේ ගත කළ ඔබ දවසේ ඉතිරි පැය කීපය තුළ අවහ්‍ය ශක්තිය ලබා ගන්න නම් උදෑසන ආහාරය හොදින්ම ගන්න ඕනි. අනෙකුත් වේල් වලදී මෙන් ඔබට බඩගින්නක් දැනෙන තුරු බලා නොසිට උදෑසන ආහාරය ගන්න

  • ගුණ කෑම වලට මුල්තැන දෙන්න

නිතරම ඔබේ ආහාර වේල තුළ නියමිත පෝෂණයන් තියෙනවාද යන්න සැළකිලිමත් වෙන්න. මේදය අධික, සීනි අධික කොටින්ම පිටි බහුල ආහාරගන්න එපා.ඒ වෙනුවට තන්තු බහුල ආහාර එකතු කර ගන්න. උදාහරණයක් විධියට ධාන්‍ය වර්ග, පළතුරු, එළවළු ගුණ නොනැසෙන ලෙස සකස් කරගෙන ආහාරයට ගන්න.

  • උණුවතුර බොන්න

අපි ආහාර ගත්තට පස්සෙ ආහාරවල තියෙන මේද කොටස් වගේම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රීතව තැම්පත් වෙලා තියෙන් මේද කොටස් දියකර දැමීමේ හැකියාව උණු වතුර වලට තියෙනවා.මේ නිසා ඔබේ සාමාන්‍ය වතුර වීදුරුව උණුසුම් වතුර වීදුරුවකට මාරු කර ගන්න.

Text Copied by The Woman magazine of England – Text by Uresha