මහනුවර තේක්ක වත්ත කුණු කන්ද ආශ්රීතවද මීතොටමුල්ල කුණු කන්ද මෙන් අවධානම් තත්ත්වයක් පවතින්නේද යන්න සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් (23) මහනුවරට පැමිණියා.
ඒ ආශ්‍රිතවද නිවාස ගණනවක් පවතින අතර ඒවාට කුණු කන්දෙන් ඇතිවිය හැකි හානිය පිළිබඳව මෙහිදී සොයා බලා වාර්තාවක් සකස් කිරීමට අදාළ නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මහනුවර,ගම්පොළ හා හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වල කුණු ටොන් ගණනාවක් දෛනිකව තේක්ක වත්තට බැහැර කෙරෙන අතර ඒ ආසන්නයේ ඇති නිවාස ඉවත් කිරීමට මහනුවර මහනගර සභාව මේවන විට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර තිබෙන බවත් අවධානම් තත්ත්වයක් පිළිබඳව කිසිදු දැනුම් දීමක් නොකළ බවත් නාගරික කොමසාරිවරයා පවසනවා. මහවැලි ගඟ ආසන්නයේ පිහිටා ඇති ගොහාගොඩ තේක්ක වත්ත කුණු කන්ද හේතුවෙන් මහවැලි ගඟේ ජල මූලීශ්ර අපවිත්‍ර වීමේ අවධානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
[rns_reactions]