ජාතිවාදී ගිනි දලු වලින් වැසීගිය මහනුවර ප්‍රදේශය මේ වනවිට යථා තත්වයට පත්ව අැත. මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත් ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.
මහනුවර වෙලා ගත් ජාතිවාදී කලබලය අතිශය සැලසුම් සහගතව දියත් කරන ලද්දකි. සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර මහනුවරට පිටත් කර හැරියේ මෙවන් පසුබිමක් තුලය. මහින්ද පාර්ශවය ශානිගේ ගමන පිලිබදව දේශපාලන කෝනයකින් විග්රහ කර තිබුනි.
මහින්ද පාර්ශවයේ ජාතිවාදීන්ගේ මුග්ධ බව ශානි පිලිබද එම විචාරයේ මොනවට ගැබ් වී ඇත. එසේ කියන්නේ කරුනු කාරනා සහිතවය. කොළඹ තානපති බුද්ධි අංශ වලට වාර්තා වී ඇති පරිදි, තෙල්දෙනියේ සිදුවීම අති බිහිසුනු කුමන්ත්රනයකි. තරුනයා පිටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වී ඇත. ඒ පිලිබද අදහසක් ගැනීමට පහත සරල සටහන ප්රමාණවත්ය.
කුමාරසිරි තරුණයාට පහර දීම සිදුවන්නේ කවදාද ?
පහර දීම සම්බන්ධව පොලිසියට ගොස් පැමිනිලි කලේ කවුද?
දින කීයක් ඔහු රෝහලේ ගත කලේද ?
ඔහු බැලීම සදහා පැමිනි පුද්ගලයන් පාලනය කිරීම හෝ සෝදිසි කිරීම නොකලේ ඇයි ?
කුමාරසිරි දැඩි සත්කාර එකකයෙන් සාමාන්‍ය වාට්ටුවට මාරු කලේද ?
ඔහුගේ මෘත ශරීරය නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමට නියමිතව ඇත්ද ?
කොලඹ තානාපති කාර්යාල වලට වාර්ථා වී ඇති පරිදි කුමාරසිරි මහනුවර රෝහලේදී අදිසි හස්තයක් විසින් මරා දමා ඇත. ඒ පිලිබදව ශානි අබේසේකර වැන්නකු යොදවා පරීක්ෂණ කිරීම අතිශය යුක්ති යුක්තය. තවද මහනුවර ප්‍රදේශයේ භීෂනය පැතිරූ 60 ක පමන සිංහල පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු එම ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවේ. තවද ඔවුන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පවා එපිට දුර බැහැරින් පැමිනි අයය. අත් අඩංගුවට පත්වූවන්ගේ විශේෂ සලකුනු බොහෝය. පදිංචිය එකම බෝඩිමේය . සමහරෙක් එකම පවුලේ අයය , එකම ගමෙ අයය , එකම දේශපාලනඥයෙකුට වැඩ කරන අයවලුන්ය . කරුනු එසේ වූ කල්හි ඒ පිලිබදව පරීක්ෂණ කල යුතු නොවේද ?
කුමාරසිරි මියගියේ මාර්තු මස 3 දින රාත්‍රීයේදීය. මරණය ගෙදරට රැගෙන ආ විගස ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව රු ලක්ෂ 3 මුදලක් කුමාරසිරිගේ පවුලට ලබාදී තිබුනි. එය ලබා දී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේද අනු දැනුම මතය . තවද 4 වන දින රාත්‍රියේ තව ලක්ෂ 10 මුදලක් ඔවුන්ගෙන් ලැබීමට තිබුනි. මාර්තු මස 4 වන දින ඔහුගේ මල ගෙදරට ඥානසාර හිමි වඩැම්මේය. නමුත් ඥානසාරහිමි මලගෙදරදී කියා සිටියේ කුමක්ද ? මුස්ලිම් ව්‍යපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම අවඥාවට ලක් කලේය. උන්ගෙන් යැපීමට තරම් තවම්ත් අප බංකොලොත් නැතැයි කීවේය . කැමරාවට ඔහු කුමක් කියා සිටියද තෙල්දෙනියට පැමින භීෂණයේ පලමු වෙඩිල්ල පත්තු කලේ ඥානසාර හිමිය.
ජාතිවාදී ගිනිදලු නැග ඒම ආරම්භ විමත් සමගම රිෂාඩ් බදුර්දීන් මහනුවර සංචාරය කලේය. රිෂාඩ් වැන්නෙකුට මහනුවර ප්‍රදේශයේ අසරනව ඇති මුස්ලිම් පිරිසට ලබා දිය හැකි රැකවරණය කුමක්ද ? ඇතිකල හැකි සංහිදියාව කුමක්ද ? රිෂාඩ් මහනුවරට පැමින රටේ ආරක්ෂක අංශයට දෝෂාරෝපනය කලේය. රටේ ආරක්ෂක අංශය අද කුජීතය. සීයට දෙසීයක් රිෂාඩ් සමග මම එකගය. නමුත් ඊට ඇගිල්ල දික් කිරීම සදහා රිෂාඩ් සුසුසු නොවේ. පියාසර නිලධාරී ආකාෂ් ගේ මිනීමරුවා සිටියේ රිෂාඩ් සමගය.
මහ දවල් මන්නාරම අධිකරණයට ගල් සැසූ රිෂාඩ් වැන්නකු නීතිය හා සාමය යැදීමේ අපුලක් ඇත .රිෂාඩ්ලාගේ ඥානසාරලාගේ නුවර වන්දනාව තම තමන්ගේ දේශපාලන ව්‍යපෘතිවල කොටසක් මිස ජනතාවට ඇති ආදරයට කලා නොවේ. ඥානසාරලා , රිෂාඩ්ලා මහනුවර පැමින කලේ ජාතිවාදී ගින්න ඇවිල වීමය
ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලමක් එක් කල 83 කළු ජූලියට ආසන්නම් හේතුව වුනෙ ලුතිනල් වාස් ගුනවර්ධන ඇතුලු 13 මරණයට පත්කල කොටි ප්‍රහාරයයි. හේම ශ්‍රී කියන්නේ ලංකාවේකවුරුත් දන්න මාධ්‍ය වේදියෙක්. ඔහුගේ සහෝදරයත් මේ කොටි ප්‍රහාරයෙන් මිය ගියා. මිය ගිය සහෝදරයපිලිබද හේම ශ්‍රී මෙහෙම සටහනක් තියනව.
“මගේ මල්ලී රටේ පැවති දේශපාලනය සහ ජාතිවාදී තත්වය ගැන කිසිත් දැන නොසිටි අතර ඔහු දැන සිටියේ
ඉලක්කයට වෙඩි තබන්නටත් මවු බිමට ආදරය කරන්නටත් පමණි. කඩමන්ඩි වල බොරු ප්‍රචාරවල සිටපත්තර වල ලොකු අකුර දක්වාම ජාතිවාදය ඇවිලුනේය . අවසන බොරැල්ල කනත්තට සිරුරු බාරගන්නටපැමිනියේ ඥාතීන් පමණි.
එහෙත් බොරැල්ලේ සිට මුලු කොලඹටම ගිනි තියන්නට දහස් ගනන් අයවලුන්පොර කෑහ. කඩ ගිණි තැබූ විට මට මගේ සහෝදරයා යලි හමුවේ නම් මුල්ම දෙමල කඩයකට ගිනි තියන්නේ මමය . ඔවුන් මගේ සහෝදරයාගේ මරණය පිලිබද කනගාටු නොවේ . ඔවුන් තුල ඇත්තේ දේශප්‍රේමය නොවේ, නමුත් කඩ ගිණි තැබීම සහ බඩු පැහැරගැනීම පමණි “
දේවදූතයන් පය නොගසන භූමියේ පාපතරයන් පිනුම් ගැසීම ලෝක ස්වභාවයයි. රට ගොඩ ගැනීමට ඇති එකම මග නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමයි.