මහරගම ඉන්නව නම් ඒ විදියට හිටපන් “ප@#$” – මිහිරි හඬින් වැසියෝ අමතන මහරගම පොලිස් වස්සෝ

Spread the love

නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා නිසා ඊයේ (20) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්වල්වල දිගු පෝලිම් දකින්නට ලැබුනා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකද ඉතා දිගු පෝලිමක් දකින්නට ලැබුනා. මෙලෙස පැය ගණනක් තිස්සේ පෝලිම් වල සිටි සාමාන්‍ය ජනතාව පිළිබඳව නොතකා යතුරු පැදියකින් පැමිණ තෙල්ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ඊට විරුද්ධව තිබුනා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය වූ අවස්ථාවේදී දෙපාර්ෂවයම ඉතා අසභ්‍ය වචන භාවිතා කර තිබුණා. මෙම පොළිස් නිළධාරීන් දෙදෙනා මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරි කටයුතු කරනා දෙදෙනෙක් බව පැවසෙන අතර ප්‍රසිද්ධ ස්ථානයක මිනිසුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන නිළධාරීන් මෙසේ හැසිරීම ශිෂ්ඨසම්පන්න නොවන බව බොහෝ සමාජ මාධ්‍යයන්හි කතාබහට ලක්වුනා.

මීට සමාන සිදුවීමක් පසුගිය තෙල් අර්බුධය පැවති අවස්ථාවේද කළුතර ප්‍රදේශයේදී සිදුවුනා.

මෙම සිදුවීමට අනුව පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදිය පොලිසියට අයත් එකක් නොවන බව පවසා එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිළධාරීන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. පසුව එයින් කුපිතයට පත් පොලිස් නිළධාරියෙක් මෙම පුද්ගලයාට ප්‍රථමයෙන්ම අසභ්‍ය වචනයක් පවසා බැන වැදී තිබෙනවා. ඒ බොහෝ දෙනෙකු මේ සිදුවීම දෙස බලාගෙන සිටිද්දී.

එතනින් ආරම්භ වන මෙම සිදුවීම බොහෝ දුරදිග යන්නේ දෙනෝදාහක් මැද ඉතා අශීලාචාර ලෙස හැසිරෙමින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන වීඩියෝව පහතින්.

[rns_reactions]