මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු පොලිසියට බාර වෙයි.

Spread the love

වැල්ලවත්ත ප්‍රදේශයේ කඩාවැටුණු මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු පොලිසියට බාරවී තිබෙනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

අදාල ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා එල්ලවනවා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද පැවසුවේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ලබාගෙන නොමැති බවය.

මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකරන බවට අවසර ලබාගෙන ඉදිකර තිබූ මෙම පස් මහල් ගොඩනැඟිල්ල තවත් මහල් දෙකකින් ඉහළ නංවන විට මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති බවයි පැවසෙන්නෙ.
 [rns_reactions]