මෙම වසර අවසන් වන විට සියලූම මහවැලි කලාපවල ගොවි ජනතාව වෙත තමන් දීර්ඝකාලයක් පුරා භූක්ති විදින ඉඩම් කොටසේ නිත්‍යානුකූල අයිතිය පවරාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි බී.සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ ‘රන්දියවර’ ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවයට අද (01) පෙරවරුවේ අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලයේදී එක්වෙමිනි.
දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිදින ඉඩම් කොටසේ නිත්‍යානුකූල අයිතිය ලබාදීමට ‘මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන’ 2016 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ආරම්භ කෙරිණි.
අදාළ ඉලක්කය සපුරාලමින් මහවැලි කලාපය තුළ පමණක් ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම මේ වන විට සිදුකර තිබෙන අතර 2018 වසර තුළ පමණක් අවසර පත‍්‍ර, ප‍්‍රදාන පත‍්‍ර හා දිගුකාලීන බදුකර යටතේ තවත් ඉඩම් ඔප්පු 40,000 ක් ලබාදීමට සැලසුම් කර ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය 2017 වසරේදී මහවැලි බී, සී හා එච් කලාපයන්හි ද මොරගහකන්ද, වික්ටෝරියා, හුරුළුවැව හා වලව යන ජනපදිකයින් සදහා මෙම වැඩසටහන යටතේ ඔප්පු හා බලපත‍්‍ර ලක්ෂයක් ලබාදී තිබෙන අතර ඒ අනුව නිත්‍යානුකූල ඉඩම් හිමිකමක් නොමැති පාසල්, රෝහල්, පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන 12,573 ක් සදහා ද ඉඩම් හිමිකම ලබාදී තිබේ.
අද දිනයේදී මහවැලි බී කලාපයට අයත් ජනතාව වෙත හිමිකම් ඔප්පු 6,104 ක්, සී කලාපය වෙත 4,312 ක් හා රඹකැන්ඔය කලාපය වෙත ඔප්පු 1,595ක් ඇතුළුව බෞද්ධ විහාරස්ථාන 22 ක් සදහා නිදහස් දීමනා පත‍්‍ර හා රාජ්‍ය ආයතන 50 ක් සදහා ඉඩම් පැවරීම ඇතුළුව ඉඩම් ඔප්පු 12,083 ක් ප‍්‍රදානය කිරීම සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ මේ රටේ යෝධ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි මහා සංවර්ධන ව්‍යාපෘතිය විදුලිය, කෘෂිකර්ම සහ අනෙකුත් කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් හරහා පැතිර ගිය පුළුල් සංවර්ධන යෝජනා ක‍්‍රමයක් බවයි.
මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසන් ජලාශය වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබදව ද මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා ගොවි ජන දුක නිවීමට මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉමහත් පදනමක් ඒ තුළින් සැළසෙනු ඇති බවද කියා සිටියේය.
නිදහසින් පසු ලංකාවේ මෙතෙක් කිසිදු රජයක් විසින් ඉටු නොකළ යෝධ ව්‍යාපෘතියක් වු වැව් 2400 ක් එකවර ප‍්‍රතිසංස්කරණය කිරීමේ යෝධ වැඩපිළිවෙළ පසුගිය වසරේ ආරම්භ කළ අතර ඒ තුළින් ද මේ රටේ ආර්ථික සංවර්ධනයේ මෙන්ම ගොවි ආර්ථිකය ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල පුළුල් සංවර්ධනයක් ඇතිවනු ඇති බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
එම වැඩසටහන යම් තරමක් ප‍්‍රමාද වී ඇත්තේ අවශ්‍ය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පින්ගේ හිගය නිසා බව සදහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව කියා සිටියේය.
මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තමන් ජාත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීම් සදහා ද යහපත් ප‍්‍රතිඵල හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රට සංවර්ධනය කරා ගෙන යාමේ දී පෙර රජ දවස මෙන්ම අප විශ්වාස තැබිය යුත්තේ කෘෂි ආර්ථිකය පදනම් කරගත් ආර්ථික රටාවක් කෙරෙහි බව ද කියා සිටියේය.
රටේ දිළිදු ජනතාව නගා සිටුවීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය රටේ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ආරම්භ කළ ව්‍යාපෘති අතර සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක වන බවත් දේශපාලන බේදයකින් තොරව සියලූදෙනා එම වැඩසටහන සමග අත්වැල් බැදගත යුතු බවත්ය.
ඇතැමුන්ට නොපෙනෙන, එහෙත් ජාතියේ අනාගතය සදහා අත්‍යාවශ්‍ය වන්නා වූ කරුණු රැසක් පසුගිය වසර තුන තුළ තමන් රටට දිනා දුන් බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා කුමන දේශපාලන විවේචන පැවතිය ද රටේ දේශපාලන අස්ථාවරත්වයක් පෙන්වා දෙමින් මාධ්‍ය කුමන අන්දමින් කටයුතු කළද, මේ රටේ හෙට දවස කිසිසේත් අසුබවාදී නොවන අතර, යහපත් අනාගතයත් සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ඒකාන්තයෙන්ම උදාවනු ඇති බවද අවධාරණය කළේය.
අද පෙරවරුවේ අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ එම විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පවරා දෙනු ලැබීය. අනතුරුව ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය සදහා එක්විය.
මහවැලි බී.සී සහ රඹකැන්ඔය කලාපයන්හි හොදම ගොවි පවුල් වෙත ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍ය දයා ගමගේ, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ශ‍්‍රීයානි විජේවික‍්‍රම, අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ආන්ඩුකාර එම්.පී. ජයසිංහ, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















