මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා.
එහිදි ඇය කියා සිටියේ ,
“මගේ මහත්තයා බෝධිසත්වයෙක්… මහත්තයා හරි ආදරෙයි මුස්ලිම් අයට.. කවදාවත් මුස්ලිම් අයට මගේ මහත්තයා වෛර කලේ නෑ.. කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ භුමිතෙල් බෝතල් ටිකකුයි ඇද රෙදි ටිකකුයි විතරයි. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක් ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. “
මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා.
මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක් කරලා නැහැ. සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක් තමයි මගේ මහත්තයා” යනුවෙනි.