මහින්දගේ නියෝගයෙන් රෑට රෑට රනිල් ළගට බඩගෑ විමලේ රනිල්ට එරෙහි විශ්වාසභංගද ගිල ගනී…

මහින්දගේ නියෝගයෙන් රෑට රෑට රනිල් ළගට බඩගෑ විමලේ  රනිල්ට එරෙහි විශ්වාසභංගද ගිල ගනී…
Spread the love

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල්  මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂවල අස්සනින් අද (මාර්තු 06 )දින අගමැතිවරයට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබා ගැනීමට උප්පැන්නයේ ජාතකය අවුල් විමල් වීරවංශ සහ ඔහුගේ අපාය සහය මිත්‍රයා වන උදය ගම්මන්පිල අවුලෙන් අවුලට පත්ව් ඇති බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කරසිටි.

පසුගිය සතිය තුලම මාර්තු 06දින රනිල්ට එරෙහිව විශ්වාසභංගය භාරදෙන බව කියමින් විමල් සහ ගම්මන්පිල රනිල්ට එරෙහිව එජාපය තුලින්ම මතුවු රනිල් විරෝධය ඩොසර් කිරිමට කටයුතු කර ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

රනිල්ට එරෙහිව විශ්වාසභංගයට හෝ ගා ඒකාබද්ධය අත්සන් තබන බව් කිවත් ඊයේ වනවිට අත්සන කර ඇත්තේ 8 දෙනෙකු පමණක් වන අතර එම 8 දෙනාම විමල්ගේ එහෙයියන් මෙන්ම් 2020 ජනපති අපේක්ෂකයෙකු විමේ සිහින දකින ප්‍රසන්න රණතුංග පමනී.

විමල් සහ රනිල් අතර ඩිල් 

Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”

2015දී බැසිල්ට භාර දුන්න කොන්ත්‍රාත්තුවම අග්‍රාමාත්‍යවරයා විමල්ට භාර දි ඇති අතර ඒ අනුව මහින්ද,බැසිල් කපා ගෝඨා 2020දි ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරිමට කටයුතු කිරිම එම කොන්ත්‍රාත්තුව වේ.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල්  මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුලින් නැගි ආ කැරැල්ල මෙන්ම ඒ සමග වෙගයෙන් ඉදිරියට ආ  විශ්වාසභංගයේ ගමන අඩාල කිරිමට මෙම උපක්‍රමය භාවිතා කල බව මේ වනවිට තහවුරු වි තිබේ.

රනිල්ට එරෙහිව විශ්වාසභංගයෙන් මහින්ද අවුල් වු හැටි..

රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා මහින්දගේ විජයරාම නිවසේ පවත්වා ඇති අතර එහිදි මහින්ද එම සාකච්ඡාව සදහා සහභාගි වු එහෙයීයන්ට අනතුරු ඇගවිමක් කර තිබේ.

යම් හෙයකින් පාර්ලිමේන්තුවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට හැකි වුවහොත් වෙනත් අයෙකු අගමැති ලෙස නම් කිරිමට සිදුවන ඇති අතර ඒ සදහා හදිසියේ දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු යෝජනා කිරිමට ශ්‍රිලනිප හෝ එජාප කණ්ඩායම් කටයුතු කලහොත් එය මාරාන්තීක විය හැකි බවයි මහින්ද පෙන්වා දි ඇත්තේ.

මහින්දගේ දිනේෂ් භීතිකාව ……..

“කොහෙවත් ඉන්න රිලව් ෆෝම් කරන්නේ නැතුව ඉන්නවා”බොරළුගොඩ සිංහයාගේ කතාවට මහින්දට මලපනී… 2019ට ඉස්සෙල්ලා ශ්‍රිලනිපය අල්ලන්න මහින්ද මෙහෙයුමක

විමල්ගේ අසීමාන්තික ඩිල් හමුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රියන්ජිත් විතාරණ facebook හී තැබු සටහනකි.

රනිල් ව්ක්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව අද ගෙන ඒමට තිබූ විස්වාසබංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කල් දමා ඇත.මීට පැය හත අටකට උඩදී ඒ සම්බන්ධව මගේ ස්ථාවරය හා මට ඇති සැකය මා විවෘතව ප්‍රකාශ කලේය.මා එය ප්‍රකාශ කලේ ඔවුන් සමග සිට මා ලද දේශපාලන අද්දැකීමෙන්ය.අද දින විස්වාසබංග යෝජනාව ගෙන එන බව කිව්වේ මා නොවේය.එය කීවේ වීරවංශ මහතා හා ගම්මන්පිල මගතායි.ඕනිම දෙයක් කලින් රටට ප්‍රකාශ කලයුත්තේ තමා බව මේ දෙදෙනාටම ඇති එක් දේශපාලන මේනියාවකි.

ඒ නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ගැනසේම විස්වාසබංගය ගැනද එකගතාවක් නැතිව ප්‍රකාශ කර ඇන ගත්තේය.මා හට ඇති ප්‍රස්නය ඔවුන්ගේ ඇන ගැනීම නොවේ.රටේ උද්ගතවී ඇති හදිසි තත්වය හමුවේ නුගේගොඩ රැලිය කල් දැම්මා විය හැක.මාද එය අනුමත කරමි.නමුත් විස්වාසබංගය කල් දැම්මේ ඇයි?ඊට හේතුව කුමක්ද?පලමු කරුන ඊට අත්සන් කිරීම ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමානයක් අදිමදි කිරීමද?unp යේ සටන unp යට වඩා විස්වාස ඒකාබද්ධයේ පිරිස වෙත ගෙන්වා වික්‍රමසිංහ මහතා ගේම ගසා ඇත.

මා කීවේ මෙම විස්වාසබංග යෝජනාව ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර ඉදිරිපත් කිරීම පලක් නැති බවයි.එහි වාසිය යන්නේ වික්‍රමසිංහ මහතාටය.එසේ වනවා නම් ඉදිරිපත් කරනවාට වඩා නොකර සිටිම සුදුසුය.එසේ නම් ඒකාබද්දය තුල සිට මේ කකුල් මාට්ටු දාන්නේ කවුද?මා දිගටම කියන අප්‍රකාෂිත අසුද්ද සංධානය එයයි.

අද වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ හදිසි නීතියේ ට්කට් එක වික්‍රමසිංහ මහතාට ඇදුනු බවයි. එය එක් විටක සත්‍යකි.හදිසිනීතියට මුවාවී වික්‍රමසිංහ මහතාට එරෙහි විස්වාසබංගයද කල් දැමීමේ වාසිය ඔහුටම හිමිවීය.වීරවංශ මහතාගේ කතාව අසත්‍ය වන්නේ හදිසිනීතිය දැමීම විස්වාසබංගට කිසිසේත් බල නොපාන නිසාය.එසේම නම් ගම්මන්පිල මහතා හරහා ඔහු යෙදූ උපක්‍රමයට කුමක්වීද?

ඔවුන්ට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් විස්වාසබංගය පලමුව ඉදිරිපත් කරයි.පසුව ජන්දය විමසන අවස්ථාවේදී එජාපයේ හා ශ්‍රිලනිප සහයෙන් බහුතරය පෙන්වයි.

දැන් ඇන ගත් පසු දෙබෑයන් මෙසේ කියනු ඇත “කෙසේවෙතත් මෙම විස්වාසබංගය එක් පක්ෂයක සටනක් නොවන බැවින් සෑම පක්ෂයකම මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ හෝ අත්සකර ඉදිරිපත් කිරීමට අප තීරනය කලාය”කියාය.නැත්නම් එජාපයේ හා ස්‍රිලනිපයේ විසේෂ ඉල්ලීම පරිදි උපක්‍රමිකව කල්දැමූ බවයි.

ජානීපෙට නම් පියවරක් ඉදිරියට පියවර දෙකක් පසු පසට යන මාක්ස්වාදී නයාය ආදේශ කරගෙන හිත හදාගත හැකිය.

මෙවර වික්‍රමසිංහ මහතා ගැසුවේ සිය අලුත්ම තුරුම්පුවයි.එනම් නීතිය හා සාමය තුරුම්පුවයි.නිතිය හා සාමය පොන්සේකා මහතාට දෙනබවත්,දුන් සැනින් සියලූ වීරයන් කපෝති බවත්,බේරා ගැනීමට හෝ අවම වසයෙන් බැලන්ස් කරදීමට තමා සිටිය යුතු බවයි.එසේනම් ඔබලා මේ කරන්නට හදන්නේ වික්‍රමසිංහ මහතාගේ ගෙල පලමුව සිද දෙවනුව සියතින් තම ගෙල සිද ගැනීම බව සිය නියෝජිත්‍යා හරහා ව්ක්‍රමසිංහ මහතා ඔවුන්ට වටහා දී හමාරය.ඉන් පසුව හිසේ සිට දෙපතුල දක්වා වෙව්ලමින් හදිසි නීතියේ පිහිටෙන් වැඩේ අකුලා ගත්තේය. ඒ නිසා හදිසිනීති ට්කට් එක කාට කාටත් වාසි සහගතය.මට ඔබලාගෙන් ඇසීමට ඇත්තේ තමන්ගේ නඩු හබ විසදා ගැනීමට අවස්ථා කීපයකදී රෑට රෑට රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා හමුවන අයගෙන් ඔහුට විරුද්ධ මොන විස්වාසබංගද කියාය?හොරු සමග ප්‍රසිද්ධියේම හෙලුවෙන් කියාය!!!!!

උපුටා ගැනීම ලංකා ලික්ස් වෙබ් අඩවිය….