මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධයේ විශේෂ හමුවක් හෙට

මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධයේ විශේෂ හමුවක් හෙට
Spread the love
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මතු වූ දේශපාලන කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් හෙට (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇත.
මෙම හමුවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත්ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව දිවයින පුරා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු විසින් පුකාශ කල අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සංවිධානය කරන රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙන අතර ඊට ඒකාබද්ධ විපක්ෂයටද ආරාධනා කර ඇති බැවින් එම ආරාධනාව අනුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.