මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!
Spread the love

මැලේසියා මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

මේවන විට 92 වැනි වියේ පසුවන මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියාවේ සංචාරයක නිරත විය.එම කාලයේදී මැලේසියාවවේ අගමැතිධුරය දැරුවේ නජීබ් රසාක්ය.එම සංචාරයේදී මහතිර් මොහොමඩ් හැට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව හමුවීමට අවශ්‍යව තිබු අතර ඒ සදහා ඉල්ලීමක්ද කර තිබුණි.නමුත් එවකට මැලේසියානු රජය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතිර් මොහොමඩ් හමුවෙනවාට දැඩි අකමැත්තක් දැක්වුවේය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් හමුව පැවැත්වීමට නියමිතව තිබුනේ 2016 දෙසැම්බර් මස 17 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතී සිටි InterContinental හෝටලයේදීය.නමුත් එම දින උදෑසන සිට මැලේසියානු බුද්ධි අංශ   නිලධාරින් සහ ආරක්ෂක අංශ එම හෝටලය වටකර තිබුණි.කිසිදු අවසර නොලත් පුද්ගලයෙකුට එම හෝටලයට පැමිණීම එරට ආරක්ෂක අංශ ඉඩ ලබා දුන්නේ නැත.ඒ තරමටම මැලේසියාවේ ඊයේ දින දක්වා පැවති රජය මහතීර් මොහොමඩ් හට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදීමට ක්‍රියා කළේය.

එවකට එම කතාව එතනින් අවසන් වුයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහතීර් මොහොමඩ් හමුව එදින සිදුවන්නට නොමැති බවට සිතමිනි.මැලේසියාවේ පැවති රජය පවා සිතුවේ එම හමුව සිදු නොවන්නට ඇතැයි කියාය.නමුත් ඊයේ දින මහතීර් මොහොමඩ් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් පත්විය.අද උදෑසන ලෝක මාධ්‍ය වාර්තා කර තිබුනේ පුදුමාකාර පුවතකි.ඒ 2014 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නව මැලේසියානු අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ් හමුව එදින සිදුව ඇති බවය.

එම මාධ්‍ය වාර්තා කර තිබුනේ එදින හොර රහසේම මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාමරයට ගෙන ඒමට මහතීර් මොහොමඩ්ගේ ආරක්ෂක අංශ නිලධාරින් සමත්ව තිබු බවය.

එම හමුවේදී සකාච්ජා වූ කරුණු වශයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ පැවති රජය පරාජය කිරීමේ මෙහෙයුම සිදු කලේ කෙසේද යන්න මහතීර් මොහොමඩ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අසා තිබෙන බවය.

තවද මෙම සාකච්ජාවේදී මහතීර් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද උපදෙස් දෙකක් ලබාදුන් බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණි.ඔහු ලබා දුන් පළමු උපදෙස වී ඇත්තේ එවකට මැලේසියාවට 1970 වර්ෂයේදී සහන වශයෙන් සංවර්ධිත රටවල් මුදල් ලබා දුන් බවය.පසුව දීර්ඝ කාලින සහන ණය වශයෙන් මැලේසියාවට සංවර්ධනය වූ රටවල් ණය මුදල් ලබා දුන් බවත් එම ණය මුදල් ලබා දුන්නේ වසර 30 කින් පසුව ගෙවීමටත් බවය.පසුව වාණිජ ණය වශයෙන්ද සංවර්ධිත රටවල් ණය ලබා දුන් බවත් එම ණය මුදල් අවුරුදු 5ක් තුල ගෙවා නිම කලයුතු බවත්ය.ඊට පසුව පැමිණි චීන ණය , එම ණය මුදල් ඔවුන් ලබා දුන්නේ ණය මුදලත් ලබා දී ඒ සදහා අවශ්‍ය භාණ්ඩද ලබා දී චීනයෙන් මිනිස් ශ්‍රමයද ලබා දෙන බවය.කිසිම දිනෙක අවසානයට කියූ ණය නොගන්නා ලෙසත් එලෙස එම ණය ගතහොත් කිසිම දිනෙක එම මුදල ගෙවා ඉවර කල නොහැකි බවත් දැනටමත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ ඒ දෙය බවත් ඔහු පවසා තිබෙනවා.අධිවේගී මාර්ග,මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය උදාහරණ ලෙස මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

අනෙක් උපදෙස වී ඇත්තේ රටේ මිනිසුන් තුල ඇති ජාති ආලය ආර්ථික ආලයක් ලෙස හරවාගත යුතු බවය.මැලේසියාව දියුණු වූ ප්‍රධානම හේතුව වුයේ මිනිසුන් තුල ඇතිවූ ආර්ථික ආලය නිසාවෙන් බව ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

ඉන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයට දේශනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.නමුත් එවකට සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා ඊට විරුද්ධ වූ නිසා මහතීර් මොහොමඩ් මහතා මෙරටට ගෙන්වීමට නොහැකි වූ බව අපට මතකය.