ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බේදකිරීමට කෙටවීමට යම් යම් පිරිස් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දිනෙක අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කලා.
එහිදී මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකයටය යම් කිසීඟියක්දීමට බැසිල් රාජපක්ෂ මහතා උත්සහ ගෙන තිබූ බව පෙනෙන්න්ට තිබූ කරුණක්.
මෙයට ප්‍රතිචාරයක් ලෙස ගෝඨාභය පිලේ ප්‍රබල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ පිලට ප්‍රබල පිළිතුරක් ලබා දී තිබුනා..
මේ එම සාකච්ඡාවයි…
ප්රශ්නය – විශ්වාසභංගය පරාදයි.. රනිල් දිනුවා.. පැලැස්තර නෙමෙයි මම අහන්නේ අවසන් ප්‍රතිඵලය එක්ක ඔබ කණ්ඩායම ගැන විවේචනයක් තියෙනවා නේද ඒකාබද්ධ විපක්ෂේ ඇතුලේ???
පිළිතුර – මෙවැනි පියවරක් ගන්නකොට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි රැස්වෙලා සාකච්ඡා කරනකොට අපි බලනවනේ ඔහු දිනුවොත් ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තිද? එතකොට මොකද්ද අපිට තියෙන තත්ත්වය. එහෙම සලකා බලමින්නේ අපි තීන්දු තීරණ ගන්නේ.
• ප්රශ්නය – එහෙම සලකා බැලීමක් තිබුණා ද?
• පිළිතුර – නැතිව. සමහර පඬියෝ හිතාගෙන ඉන්නවා එහෙම නැහැයි කියලා. ඔය සමහර ආචාර්ය පඬියෝ ඉන්නවා මෙතෙක් කල් අපි ගත්ත තීරණ වැරැදියි. අපි ඒ පඬියන්ගෙන් අහලා නෑනේ. පඬියගෙන් උපදෙස් අරන් නෑ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.
• ප්රශ්නය – ඔබ කාටද ඔහොම චෝදනා කරන්නේ?
• පිළිතුර – පඬියට හා පඬියන්ට. සමහර පඬියෝ ඔය මතය හදන්න හදනවා.
• ප්රශ්නය – විශ්වාසභංගයේදී මොණර කොළ හුවමාරුවීම් ගැන කතා වුණා. රහස් ගිවිසුම් ගැන කිව්වා. මේවා සුපුරුදු චෝදනා?
• පිළිතුර – මොණර කොළ කතාව මම විතරක් නොවෙයි කියන්නේ. දයාසිරි ජයසේකර මම දැක්කා කියලා තියෙනවා ‘කෝටියක මුදලක් ගත්ත මන්ත්‍රීවරයෙක් ඔහු සමග කිව්වා කියලා ණය තුරුස්ටික ඔක්කොම ඒකෙන් බේරාගත්තා’ කියලා කිව්වා කියලා. තව ඕන තරම් කියන්න පුළුවන්. නමුත් නම්ගම් කියන එක සදාචාරාත්මක නැහැ.
දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටිකත් අර කොන්දේසි 10ට විතරක් එකඟවෙලා දුන්නා නොවෙයි. ඒ එක ඡන්දයකට අදාළ මිලක් තිබුණා. ඒ මිල ලැබුණා. ඔවුන්ට අයවැයේදීත් මිලක් ගෙවලා තිබුණා. ඔවුන්ම පසුව ඒක ප්‍රසිද්ධියේ කිව්වා. ඊට වඩා වැඩි මිලක් මේකේදී හමු වුණා. මං හිතන්නේ බැඳුම්කර හොරකමෙන් උපයපු අයථා ධනයෙන් සැලකිය යුතු පංගුවක් ඔය සති දෙකේ වියදම් වුණා. පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමටත් ගෙව්වා. නෑවිත් ඉන්නත් ගෙව්වා.
• ප්රශ්නය – ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන කියලා තිබුණා. ‘අපේ කට්ටිය කළේ මාධ්‍ය සංදර්ශන. තිබුණ සියලුම තුරුම්පු කලින් කිව්වා. එතකොට යූඑන්පීයට ඒකට සූදානම් වෙන්න පුළුවන්කම ලැබුණා’ කියලා.
• පිළිතුර – ඒ කවුරුහරි උගන්වපු එකක්නේ කියන්නේ. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාට ස්වයංව පහළ වෙච්ච අදහසක් නොවෙයි. එයාගේ කවුරුහරි ගෝඩ් ෆාදර් කෙනෙක් උගන්වපු කතාවක් ඔය කියන්නේ.
• ප්රශ්නය – නමුත් ඔහු කියන කතාවේ ඇත්තක් තියෙනවා. සංඛ්‍යා ලේඛන එළිපිටම කිව්වා.
• පිළිතුර – මෙහෙමයි. ඔය චන්ද්‍රසේන මන්ත්‍රීතුමාගේ පිටිපස්සේ ඉන්න කෙනෙක් උගන්වන දෙයක් තමයි ඔහු ඔය කියන්නේ.
• ප්රශ්නය – කවුද ඔය ඔබ කියන ගෝඩ් ෆාදර්?
• පිළිතුර – බලාගත්තැකි ඉදිරියේදී.
• ප්රශ්නය – ඒකාබද්ධය ඇතුළෙත් දේශෙද්රා්හියෝ. බටහිර හා ඉන්දියන් පිල්ලි ඉන්නවා කියලා ඔබම කියලා තිබුණා.
• පිළිතුර – මේ මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගෙන මේ බලවේගය බෙදන්න, විවිධ ප්‍රශ්න හදන්න. ඒක ඇතුළේ අසතුටට හා අතෘප්තියට පත් බලවේගයක් නිර්මාණය කරන්න විදෙස් ඔත්තු සේවාවන්වලට ඕනෑ. . අද ඒ විදේශ ඔත්තු සේවාවන්ට වුවමනාව නියෝජනය කරන ක්රියාකාරීත්වයක් ඇතැම් පුද්ගලයන්ගෙන් අපට පෙනෙන්න තියෙනවා.
• ප්රශ්නය – කෙළින්ම කියන්න? ඒ අය කවුද?
• පිළිතුර – ඒ අය කවුද කියලා අනාගතයේ දී මීට වඩා විවෘතව කතා කරන්න අපි සූදානම්. ඒ අය බලන්නේ ප්‍රාදේශීය සභා සභාපතිවරු පත් කරනකොට වෙනත් අනෙකුත් පක්ෂ සමග වැඩ කරනකොට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ කැමැත්තටත් වඩා ඒ ඒ බලවේග තමන්ගේ අණසකට ගන්න බලාගෙන ඉන්නේ ඒ ඔත්තු සේවාවන්ගේ සහායකයන්ගේ යටතට.
• ප්රශ්නය – ඔබ වගකීමෙන් ද කියන්නේ?
• පිළිතුර – පැහැදිළිවම! අපි ඒ ගැන හොඳ අවබෝධයකින් වගේම අවදියෙන් ඉන්නේ. අපි මේ ඉන්නේ එළියට යන්න බයේ නොවෙයි. ඒ ඔත්තු සේවාවන්ට අවශ්‍ය විදියට මේ බලවේගය කඩන්න ඉඩ දිය යුතු නැති නිසා.
• ප්රශ්නය – ඇතුළෙන් මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඔබට විතරද? තවත් අයටත් එල්ල වෙනවද?
• පිළිතුර – මම හිතන්නේ මම ඉන්න මතයේ තවත් අය ඉන්නවා.
• ප්රශ්නය – මහින්ද සුළඟ බලවේගය දැන් බැසිල්ගේ කල්ලිය හා ගෝඨාගේ කල්ලිය කියලා දෙකට බෙදිලා කියලත් කියනවා?
• පිළිතුර – නෑ මේකේ කල්ලි නෑ. කල්ලි හදන්න සමහරු හදනවා. එහෙම කල්ලියක් හදන්න සමහරු උත්සහා කරනවා. මහින්ද රාජපක්ෂටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.
• ප්රශ්නය – ඒ ඔත්තු සේවා නියෝජිතයන් කවුද කියලා ඇයි කෙළින්ම කියන්න බැරි?
• පිළිතුර – ඒ කවුද කියලා අපි අනාගතයේ දී කියන්නම්.

