මහින්ද මහත්තයෝ කේක් රසයිද? එහෙනම් මේ ටිකත් දැනගන්න….

Spread the love

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ කඩාවැටීමට හේතූකාරණා වෙච්ච  මැරයෝ අතර   කප්පම් සරණ ගුණවර්ධන ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නවා එදා රාජපක්ෂ පවුල්පාලනයේ අවශ්‍යතා මත අත්තනගල්ල ඇතුළු මිනිමරපු කප්පම් ලබාගත්තු මැරකම් කළ සරණ ගුණවර්ධන තවමත් මහින්ද රාජපක්ෂගේ කාලයේ උරුම කරගත් මැරවැඩ මේවන තෙක් නවත්වා නැත ඒ පසුගියදා ගම්පහ ප්‍රකට

ව්‍යාපාරකයෙකුවු ඔස්මන් ගුණසේකර මහතා ඝාතනය කිරිමට තම ගෝලබාලයින් යොදවා කල උත්සහය ව්‍යාර්ථවීමත් සමගයී. සරණ ගුණවර්ධන දැනට තම ඇගබේරා ගැනිම සදහා නවාතැන්ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂට අයත් නුගේගොඩ එදිරිසිංහ පාරේ පිහිටි නිවසේය ඒ තමගේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ හරහා සපයා ගැනිමටත් යම් හෙයිකින්  ඔහුව අත්අඩංගුවට පත්වුනොත් එහින් ගැලවීම සදහයී.

මහින්ද

ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයට මහත් පිලිකාවක් බවට පත්වෙලා සිටින සරණ ගුණවර්ධන නම් සහසිකයා දැනටත් සිතාගෙන සිටින්නෙ මේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයී එමනිසා තමන්ට හිතුන හිතුන ආකාරයට ගම්පහ අත්තනගල්ල ප්‍රදේශය රජකිරිමට පුළුවන් එබැවින් කිසිවෙකුට තමන්ට එරෙහිව කිසිවක් කල නොහැකීයී යනුවෙන් කොටින්ම පැවසුවොත් මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු දුර්ඝාන්ත පාලනය අවසන් කලේ මෙවැනි මිනිමරුවන්ට නිදැල්ලේ සැරිසරන්නටත් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු හොර තක්කන්ඩිට නිදැල්ලේ සිටිමට නොවේ ඒත් කාලකණ්නිකම යනු මේ වත්මන් යහපාලන ආණ්ඩුවේ බලධාරින් පෙර ආණ්ඩුවේ කටයුතු කරපු හොර තක්කන්ඩි සමග විවිද දේශපාලන ඩීල් දමමින් මෙවැනි මිනිමරු හොර තක්කඩින් ආරක්ෂා කිරිමයී.

භාරත ලක්ෂ්මන් ඝාතනය කිරිමේ චෝදනාවට කොළඹ දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාව වරදකරු කරමින් දුමින්ද සිල්වාට මරණ දඩුවම පමුණුවා නම් ඇයී මිනිමරු සරණ  ගුණවර්ධන නැමති මිලේච්ජ සහසිකයාව අත්ත අඩංගුවටගෙන ඔහුව නීතීය හමුවට කැදවලා ශ්‍රී ලංකා අපරාධ නඩු විදාන සංග්‍රායේ 234 වගන්තියනට අනුව මිනිස් ඝාතනයක් සිදුකිරිමේ වරදට මරණ දඩුවම පමුණුවන්නට නොහැකි ඇයි දැයි අපට ගැටළුවක් ඇත

එදා 2010දි බැසිල් රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෑත ශක්තිමත් කිරිමට ඉදිරිපත්වෙච්ච ජපානයේ කලක් සේවයකල තම දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වලින් ජනතාවට උපකාර කල සුරංග පීරිස් නම් නිට්ටමුඹුවේ වෙළද සංගමයේ සභාපති සුරංග පීරිස් නම් තරුණයා එවක මිනිමරු කප්පම් සරණ ගුණවර්ධන විසින් ගම්පහ අත්තනගල්ල ඇතුළු සදාසන්න ප්‍රදේශවල කරගෙනගිය කප්පම් හොරකම් බලුකම් කුපාඩිකම් වලට එරෙහිව අත්තනගල්ල ප්‍රදේශයේ ජනතාව ඒකරාශිකරගෙන සරණට ගුණවර්ධනට එරෙහිව ගම්පහ තුල කැරැල්ලක් දියත් කරද්දි සරණ ගුණවර්ධන විසින් මෑතකදි ඝාතනයට ලක්වු සරණ ගුනවර්ධනගේ සමිපතම කීකරු ගෝලයෙකුවු වේයන්ගොඩ සමරේ ලවා ඝාතනය කලා

 

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය බණිජ තෙල් අමත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ ලොතරැයි මණ්ඩලයේ කෝටී ගණනක් වංචා කල අතර අනතුරුව බණිජ තෙල් අමත්‍යංශයටද කෝටී ගණනක විශාල පාඩුවක් ඇතිකල සරණ ගුණවර්ධන මහින්ද රාජපක්ෂගේ තිබු ආශීර්වාදයෙන් ඇගබේරගත්තේය මහින්ද රාජපක්ෂ බලයේ නොසිටියත් මහින්ද රාජපක්ෂ සාභාගීවන සෑම රැස්වීම් වලට සරණ ගුණවර්ධන සාභාගීවෙති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුනේ මෙවැනි මිනිමරුවෝ කප්පම්කාරයෝ ස්ත්‍රී දූෂිතයෝ ආරක්ෂා කිරිමට ගොස්ය.

මහින්ද රාජපක්ෂටද කිසිදු විලි ලැජ්ජාවක් නොමැත තමන් පැරදුනේ මෙවන් කාලකණ්නින් නිසා  බව දැන දැනත් ඔහුන්ව ආරක්ෂා කිරිමට ඉදිරිපත්වීමයී පෙරේදා ගම්පහා භීෂක සරණ ගුණවර්ධන්ගේ  53 වනි උපන්දිනයට මහින්ද රාජපක්ෂ සාභාගීවිය එහිදි සරණ ගුණවර්ධන විසින් මහින්ද රාජපක්ෂට කේක් පවා කවා තිබුනි. අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිවයුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි සරණ ගුණවර්ධන වැනි මිනිමරු කප්පම්කාරයෝ නිසා ඔබ තව තවත් දේශපාලනයෙන් අගාතයට පත්වෙනවා හැරෙන්න කිසිදු දේශපාලන මට්ටමින් නැගිසිටිමක් නොමැත.

මදුෂංක ගනේගොඩ

[rns_reactions]