ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු යොදා තිබේ.
ආණ්ඩුවේ සංයුතිය වෙනස් කොට ඉදිරියේදී අයවැය පරාජය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කොට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේය.
සුළු ජාතික පක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ කර ගැනීම තුළ අයවැය පරාජය කොට ආණ්ඩුව අස්ථාවර කිරීමටත් ඉන් පසු ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවද ඒ මන්ත්‍රීවරයා කීවේය
මුලින් සුළු ජාතික පක්ෂ සමග සාකච්ඡා කොට ඉන් පසුව අනෙකුත් පක්ස හා වෙන වෙනම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර ඒ කෙසේ වෙතත් එම සාකච්ඡා මුළු මනින්ම අසාර්ථක වූ බව ඔහු විසින් වැඩිදුරටත් කිසා සිටින ලදී.

