මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී

මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී
Spread the love

 

වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන්  අබලන්වී  ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින්  මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන්  මහියංගණ පොළොන්නරුව ප්‍රධාන  මාර්ගයේ ගමනාගමනයට  පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.   

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් ප්‍රධන මාර්ගයේ ධාවනය වූ රථවාහන විකල්ප මාර්ග වලට යොමු කරමින් විරෝධතාවය සමතයකට පත්කිරීමට  දැඩි වෙහෙසක් දැරූහ.