වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේයඑමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය.
මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ.
මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..
