මාතර රාහුල විදුහලේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර වෙත ලැබෙන විවිධ භාන්ඩ හා උපකරණ එම කඳවුර භාරව සිටි රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව දින කිහිපයක් පුරා රාත්‍රී කාලයේදී සොරා ගැනීම පිළිබඳව එහි සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ඊයේ (03) රාත්‍රී බඩුත් සමග සොරු අල්ලා පොලිසියට බාර දී තිබේ.
මෙහි අවතැන්වූවන් 1800 පමණ රැඳී සිටිති. ඊයේ රාත්‍රී 12 න් පසුව කඳවුර අසල පිටතින් රැකසිට කඳවුරට පරිත්‍යාග කළ භාන්ඩ සොරකම් කරගෙන යද්දී අල්ලා ගෙන බැලූ කල ඔවුන් කඳවුර භාර රාජයේ නිළධාරීන් තිදෙනෙකි. තිදෙනාම අල්ලා කාමරයකට දමා ඇති පිරිස හදිසි පොලිස් ඇමතුම හරහා මාතර පොලිසිය වෙත බඩුත් සමග සොරකමේ ගිය නිළධාරීන් තිදෙනා භාර දී තිබේ. එහිදී කඳවුරේ සිටින පිරිස මාතර පොලීසිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද කර ඇත.
පසුව අද(04) උදෑසන මාතර පොලීසිය, ප්‍රාදේශීය ලේකම්, සහ සමාජසේවා නිළධාරීන් එක්ව එම අවතැන්වූවන්ගේ කඳවුරට ගොස්, බෙදා දීමට තිබු ආධාර ගබඩා කර තිබූ එක් කාමරයක ඉබි යතුරු කඩා ඇතුලු වී එහි තිබූ පානිය ජල බෝතල්, පැදුරු, තුවා, මෙට්ට ඇතුලු පරිත්‍යාග ආධාර සියල්ල එම මොහොතේම ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරණ ලදී.
රැඳී සිටි පිරිස් පැවසුවේ, කඳවුර වෙත ලැබෙන ආධාර නිසියාකාරව තමන් වෙත නොලැබෙන බවයි. කඳවුර තුල රාත්‍රී 8 න් පසුව එහා මෙහා යෑම තහනම් කර ඇති බවත්, පන්ති කාමර තුල රැඳී සිටිය යුතු බවට එම නිළධාරීන් විසින් තමන්ට නියෝගයක් පනවා ඇත්තේ ඔවුන් මෙලෙස රාත්‍රීයේ සිදුකරණ සොරකම වසන් කර ගැනීමට බවයි.
මේ වනවිට මාතර පොලීසිය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමාජසේවා නිළධාරීන් හා එක්ව අදාල සිද්ධිය හා රාජ්‍ය නිළධාරීන් තිදෙනා පිළිබද විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රී සොරුන් අල්ලා ගන්නා ලද මොහොතේ සහ පසු සිද්ධියේ වීඩියෝ වාර්තාවක් පහතින් දැක්වේ
[rns_reactions]