ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.
පසුගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පලකල මාධ්‍යවේදීන්ගේ නම්,ලිපිනය ඇතුලත් විස්තරයක්ද ඉල්ලා තිබේ.
ඊට අමතරව ලිපිය පලකිරිම සදහා අනුමැතිය ලබාදුන් අය සහ එම පලකරන ලද ලිපියේ සහතික කල පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පල කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගෙ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.
අනිත් අතට රජයේ රහස්‍යභාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නිතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මෙය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට පරික්ෂණයක් කරන බව දැන්වු ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.
රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්.. ජනපති -අගමැති උපදෙස් දෙති! යනුවෙන් පලකල පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේවෙතත් ආණ්ඩුව තුල සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පලකල මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ අකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරණ බව නම් මනාව පැහැදිළිය. එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් හි උත්සහය බව අපගේ මතය වේ. එය තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කව්ද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.
ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමුකල යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.
කැදවුම්කරු,
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය