ශුරයන්ගේ කුසලානයට එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.පකිස්ථාණය සමග පැවති තීරණාත්මක එක්දින තරගය පරාජය වූවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනුනා. ශ්‍රී ලංකාවට පැමිණි ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට බොහෝ දෙනෙක් කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි අතර මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග මාධ්‍යය සකච්ජාවක්ද පැවැත්වුවා.
එහිදී එක් මාධ්‍යවේදියෙකු ලසිත් මාලින්ගගෙන් විමසා සිටියේ පන්දු රකින ක්‍රීඩකයන් පිලිබදව ඔබ සිතනා දේ පිලිබදව යමක් පවසන්න කියාය. එහිදී මාලිංග පැවසුවේ මම විකට් ගත්තේ නැත්නම් මිනිස්සු මට බනියි.මම විකට් ගත්තොත් මට මිනිස්සු මුකුත් කියන එකක් නැ. මම විකට් එකක් ගත්තහම හැමදාම හොද කියන්නේ මට විතරයි. එක අල්ලන පන්දු රකින්නාට කවුරුවත් හොදක් කියන්නේ නැ.එත් පන්දු රකින්නා අතින් පන්දුවක් ගිලිහුනාහම එයාට විතරක් බනිනවා.එක නිසා බුද්ධිමත් ජනතාව දන්නවා මොකද්ද වුනේ කියලා.
එහි සම්පුර්ණ වීඩියෝව පහතින්.

