මානසික රෝගයට බෙහෙත් ගන්න මහින්ද ජපානයට….

Spread the love

ජනවාරි 08 සහ අගෝස්තු 17 පරාජය නිසාවෙන් දැඩි මානසික ආතතියකින් පිඩාවිදින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක්  ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි.
ජපානයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත.
ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ගමන තනිවම යාමට අදහස් කලද යම් යම් හේතු කාරණා නිසා අනිවාර්යයෙන්ම යෝෂිතව රැගෙන යා යුතු බවට ශිරන්තී රාජපක්ෂ මහත්මිය විසින් තරයේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.  යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.

[rns_reactions]