මාර්ග ගණනාවක් ජලයෙන් යටවේ (Update)

Spread the love
මාතර නිල්වලා ගඟ ආශ‍්‍රිත පහත්බිම් සමහරක් මේ වනවිට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද අලූයම නිවේදනය කළේ නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි. පානදුගම සහ ඊට පහලින් නිල්වලා ගඟ දෙපස වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්විය යුතු බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා. පානදුගම – අකුරැස්ස, අකුරැෙස්ස – මුලටියන සහ කඹුරුපිටිය – මුලටියන යන මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබෙන මාර්ග කිහිපයක්. 

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ද ඇතැම් මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. නාගොඩ – බද්දේගම, මාපලගම – ඇල්පිටිය, නාගොඩ – උඩුගම, ගාල්ල වක්වැල්ල යන මාර්ග මෙලෙස ජලයෙන් යටව තිබෙනවා.

මේ අතර කොළඹ – බදුල්ල මාර්ගයේ වරංගහවල සිට හපුතලේ දක්වා කොටසට තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

[rns_reactions]