මාවරලේ භද්දිය හිමි කියන මහනුවර සිදුවීම පසුපස අැති නොපෙනෙන බලවේගය මෙන්න…

මාවරලේ භද්දිය හිමි කියන මහනුවර සිදුවීම පසුපස අැති නොපෙනෙන බලවේගය මෙන්න…
Spread the love

මහනුවර කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිංහල සැකකරුවන් ප‍්‍රමාණයට වඩා බොහෝ අඩු මුස්ලිම් සැකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැරදි මතයක් පැතිර යන්නේ යයි පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ අද පුවත්පතට පවසා ඇත.

සිදුවීමට සම්බන්ධ සියළු දෙනා ජාතිය ආගම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කල යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙති.

ෆේස්බුක් අවභාවිත කරලා බුදුදහමට, රණවරුවනට, ඒකීයභාවයට එරෙහිව ත‍්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන සිංහල වගේම අන්‍ය ජාතිකයන් හැමෝටම ඒරෙහිව දැඩි පියවර ගත යුතු බවද උන් වහන්සේ සදහන් කරති.