කොළඹ නගරය සංවර්ධනය කර නඟා සිටුවිමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
ගවයන් ඉවත් කිරිමේ දි යම් නීති ප්‍රශ්නයක් පැන නැගුන බවත් එම නිසා ගවයින් ඉවත් කරගන්නා ලෙස දැන්විම් මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් දි ඇති නිශ්චිත කාලය තුලදි ගවයින් හිමිකරුවන් විසින් ඉවත් කර නොගන්නේනම් නිත්‍යනුකූල ලෙස ගවයින් අල්ලා ගව බිම් වලට මුදා හරිනු ලැබීමට නියමිතය.
“කොළඹ පුරා යාචකයන් වර්ග දෙකක් ඉන්නවා. ස්ථිරසාරව නගරය තුළ බොහෝ සේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා අනිත් යාචකයන් වන පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්“
“මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. නගරය තුළ ඡිවත් වන යාචකයන් ආබාධිත හා පුර්ණකාලින ශාරීරික ආබාධිත තත්වයෙන් හා මානසික ආබාධ තත්වයේ යාචකයන් ඉන්නවා පූර්ණ කාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරිමට කටයුතු කිරීමට නියමිතය.
[rns_reactions]

