මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව
Spread the love
වත්මන් ජනතාවගෙන් දැඩි ආණ්ඩු විරෝධයක් එල්ලවීමට බලපා ඇති කරුණු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු තීරණ මෙම ජනතා විරෝධය එල්ල වීමට බලපෑ ප‍්‍රධාන හේතු ලෙසයි මෙම වාර්තාවේ දක්වා ඇත්තේ.

සයිටම් අර්බුදය, පොහොර සහනාධාරය කප්පාදු කිරීම සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනතාව තුළ ආණ්ඩු විරෝධයක් ඇතිවීමට ප‍්‍රධාන හේතු ලෙස මෙහි දක්වා තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමේ වැඩපිළිවෙළ එක් පාර්ශ්වයක් අතට පත් කිරීම ද ආණ්ඩු විරෝධයක් ඇති වීමට එක් හේතුවක්.

මේ නිසා ග‍්‍රාමීය මට්ටමින් ඇඳුම් මැසීමේ වෙළෙඳ ව්‍යාපාරවලටද දැඩි බලපෑමක් එල්ල වූ අතර එම කර්මාන්තයේ නිරත පුද්ගලයින්ගේ දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල ඇඳුම් මැසීමේ වෙළෙඳසැල් වැසී ගොස් ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මුදල් අමාත්‍යංශය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තිරණ හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ද ආණ්ඩුව පිළිබඳ තැබූ විශ්වාසය පළුදු වී ඇති බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. 

කොළඹ නුවර අධීවේගී මාර්ගය ඉදි කිරිම සඳහා සැලසුමක් නොමැතිව විශාල මුදලක් වැය කිරීමට තීරණය කිරීම පිළිබඳවද ආණ්ඩුවට විවේචන එල්ල වන බවයි මෙම වාර්තාවෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අමාත්‍ය දයාසිරි ජයසේක පසුගිය කැබිනට් රැස්වීම්වලට පවා සහභාගී වී සිටියේ නැහැ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ඔහු දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණා.