මැලේසියාවේ පාලන බලය නැවතත් තමන් යටතට ගැනීටමට ආචාර්ය මහතීර් මොහොමඩ් සමත්වී ඇත. ඒ මැලේසියාවේ මහ මැතිවරණයෙන් ඔහු පෙරමුණ ගත් විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කිරීම හේතුවෙනි.
92 හැවැරිදි මහතීර් මොහොමඩ් ලෝකයේ වයස්ගතම ඡන්දයෙන් පවත්වූ නායකයා ලෙස වාර්තා අතරට එක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැලේසියානු මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ආසන 222න් ආසන 113ක් දැනටමත් මහතීර් මොහොමඩ් නායකත්වය දැරූ විපක්ෂ සන්ධානය විසින් ජයග්‍රහණය කර ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමත් සමග මහතීර් මොහොමඩ් විපක්ෂය හා සම්බන්ධවෙමින් නැවතත් දේශපාලනයට පිවිසියේය.
මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කාලයක් දැරූ අග්‍රාමාත්‍යවරයා වන මහතීර් මොහොමඩ් 1981 වසරේ සිට 2003 දක්වා බලයේ සිටියේය. නැවතත් ඔහු වසර 15කට පසු මැලේසියාවේ පාලන බලය ලබා ගැනීමට සමත්විය.
මහතීර් මොහොමඩ් වර්තමාන මැලේසියානු සංවර්ධනයේ පුරෝගාමියා වශයෙන්ද පිළි ගැනෙයි.