මේ ලෝකේ විවිධ පුද්ගලයින් එක එක විදියට ආදරය හොයාගෙන යනවා. ඒ ආදරේ නිසා ජීවිතේ ජයගන්න මිනිස්සු වගේම ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා.
තරුණ කාලයේදී මේ ආදරේ ගැන ප්‍රශ්න ගොඩ දෙනෙකුට තියෙනවා. ඒ නිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ගන්න සමහර හිතුවක්කාර තීරණ නිසා ජීවිත කාලේම දුක් විඳින්නේ ඔවුන් විතරක් නෙවෙයි. තමන්ගේ දෙමාපියන් වගේම ඔහුට ආදරේ කරපු හැමෝම මේ හින්දා පසු තැවෙනවා.
ඒ විදියට තමන් ආදරේ කරපු පෙම්වතිය බය කරන්න හිතාගෙන වස පානය කරපු තරුණයෙන් අවාසනාවන්ත විදියට මියගිය පුවතක් ගැන අපිට අහන්න ලැබුණා. ගෙදර හිටපු එකම පුතා තමයි ඔහු. අම්මා තාත්තගේ ආදරේ එක්ක හැදුණේ ඉගෙනීමටත් උපන් හපන්කම් දක්වමින්.
අපොස සාපෙල වගේම උසස්පෙලත් ඉහළින්ම සමත්වෙලා තිබුණු මේ තරුණයා පහුගිය දවසක තමන්ගේ පෙම්වතිය බය කරන්න හිතලා ඒ ගැන යාලුවොත් එක්ක සැලැස්මක් හැදුවා. හැබැයි මේ වැඩේ කලේ විහිළුවකට නෙවෙයි, පෙම්වතිය එක්ක තිබුණු ප්‍රශ්නයක් හින්දා ඒක විසඳගන්න හිතාගෙන කියලා තමයි ඔහුගේ ළඟම මිතුරෙක් අපිට කීවේ.
ඒ විදියට වැඩේ සැලසුම් කරලා වහ ටිකක් කටට දාගත්තේ මැරෙන්න හිතාගෙන නෙවෙයි, හැබැයි ඔහු දන්නෙම නැතිව ඒක ඔහුට විෂ වුණා.
“ඉක්මනට යමන් ඉශාරයෝ මට ටිකක් අමාරුයි කියලා” ඔහු මිතුරෙකුට කීවේ තමන් රෝහලට අරන් යන වෙලාවේ. කොණ්ඩෙත් හද හද එහෙම ගියපු තරුණයා අන්තිමේදී පෙම්වතියට බය කරන්න බීම වස නිසා මේ ලෝකේ දාලා ගියා.
කොහොම හරි අන්තිමේදී තමන්ව උස් මහත් කරලා අමාරුවෙන් හදපු අම්මා තාත්තට මේ තරුණයා නිසා හිමිවුනේ කඳුලු විතරයි. ආදරේ කියලා මේ වගේ හිතුවක්කාර තීරණ ගන්න කලින් දෙපාරක් හිතුවානම් අර අහිසංක අම්මා තාත්තා අදටත් හිනාවෙලා ඉන්නවා.



[rns_reactions]

