මිය ගිය පසු සිරුර දෙස බලා භාවනා කරන්න ” සැමට පෙනෙනා සේ නාහිමිගේ දේහය තැන්පත් කරලා .!

Spread the love
මිය ගිය පසුවත් සිය සිරුර භාවනා කරනා හිමිවරුන්ට දන් දුන් ස්වාමීන් වහන්සේ නමක පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ නවගත්තේගම , රඹාවැව ආරණ්‍ය සේනාසනයෙන්,

නවගත්තේගම රඹාවැව මහකන්ද ආරණ්‍ය සේනාසනය නිර්මාණය කිරීමට මුල පිරූ දියගම ධම්මකුසල හිමියන් අපවත්වීමට පෙර සිය අවසන් කැමති පත්‍රය මගින් සඳහන් කර ඇත්තේ තමන් වහන්සේ අපවත්වූ පසු දේහය මිහිදන් නොකර බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකි ආකාරයට තැන්පත් කරන ලෙසයි .

අපවත් වීමට පෙර උන්වහන්සේගේ අවසන් කැමති පත්‍රය අනුව භාවනායෝගීන්ට දේහය ඉදිරිපිට භාවනා කිරීමටත් දේහය නැරඹීමටත් අවස්ථාව සැලසී ඇත. උදෑසන 8 සිට 10 දක්වාත් සවස 01 සිට 2.30 දක්වාත් කාලය තුළ එම අවස්ථාව සලසා දීමට එහි වැඩවාසය කරන හිමිනම කටයුතු කර ඇත.

වන අලින් සහා වෙනත් වනසතුන් විශාල වශයෙන් වාසය කරන ඝන කැලෑවකින් මෙම ආරණ්‍ය සේනාසනය උපාසක උපාසිකාවන් මෙන්ම සැදැහැවතුන්ගේ වන්දනා මානයටද ලක්වී තිබේ. ගත සිත නිවන සිසිල් සුළං හමායන මේ ගස්වැල් වලින් පූර්ණ වූ මෙම භාවනා මධ්‍යස්ථානයේ ධර්ම කටයුතුවල නිරතවන මෙහෙණින් වහන්සේලා සය නමක් විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් කිසිවක් නොමැතිව අති දුෂ්කරව කුටිවල වැඩ වාසය කරමින් භාවනායෝගීව කාලය ගත කරති.

සේනාසනයේ තැන්පත් කර ඇති නායක හිමිගේ නිසල දේහය



[rns_reactions]