මිය ගිය සිරුරු 15 ක් පරණ කනත්තෙන් අලුත් කනත්තට මාරුවෙයි

Spread the love

 

මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්ත හාරා සිරුරු 15 ක් ඊයේ(04) සවස මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ ඉදිරිපිටදී ගොඩගනු ලැබීය.

මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදුකළ බවයි.

අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර, අනතුරුව අදාළ කනත්ත තුළ සියළු දෙනාගේ සිරුරු මිහිදන් කොට ඇති බව ප‍්‍රදේශවාසීන් පවසති.

අදාළ කනත්ත තුළ මිහිදන් කළ කතෝලික සභාවේ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්ත තුළ මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය පැවසීය.

මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිට අදාළ සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.

මන්නාරම පොලිසිය පැවසූවේ ගොඩගත් සිරුරු මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත නව කනත්තේ මිහිදන් කළ බවයි.

Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
[rns_reactions]