ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (14) උදේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
තෙල් මිල ප‍්‍රශ්නය ගැන තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට භාර දෙනවිට 2014 අගදී තෙල් බැරලයක් ලෝක වෙළෙඳපළේ ඇමෙරිකානු ඩොලර් 105 ක් වුණා. එහෙම තියෙද්දී එදා පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රු.150 කටයි. ඞීසල් ලීටරයක් අලෙවි කළේ රු.111 ටයි. භූමිතෙල් ලීටරයක් අලෙවිකළේ රු.80 ටයි. මේවා තමයි සත්‍ය මිල ගණන්. දැන් අද මේ මිල සූත‍්‍රය එනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් රු.80 යි. මෙහෙම එදා ඩොලර් 100 ටත් වැඩිය තිබූ තෙල් මිල දැන් ඩොලර් 80 ට බැහැල තියෙද්දීත් පෙට‍්‍රල් ලීටරයක් රු.155 යි. ඞීසල් ලීටරයක් රු.123 යි. භූමිතෙල් විතරක් රු.70 ට දෙනව. මේ අනුව ඉතාම පැහැදිලිව රටට හෙළිදරව් වෙනව මහින්ද රාජපක්‍ෂ යුගයේ ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබියදීවත් මෙවැනි මිල පීඩාවක් මහජනයා මත පැටෙව්වේ නැහැ කියල. 2012, 2013 සහ 2014 යන වසරවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා වැඩියි. 2015, 2016 සහ 2017 යන වසරවල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවුනා. අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ගණන් අඩු වුණා. 2016 දී ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 45 දක්වා අඩුවුණා. එය 2016 දී තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 105 ටයි. මේ වාසිය මේ ආණ්ඩුව මහජනතාවට දුන්නද? නැහැ. මේ නිසා කෙතරම් මුදල් ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණාද? සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් විතර ඛනිජ තෙල් ආනයනය කරන්න ගියා. මේ රජය යටතේ ඛනිජ තෙල් වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 කින් පමණ එනම් හරි අඩකින් පමණ මිල අඩුවෙලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඛනිජ තෙල් ආනයන වියදමක් සමඟ සාපේක්‍ෂව සැසඳීමේදී 2015, 2016 සහ 2017 යන වර්ෂ තුනේදී රටින් පිටට නොගොස් ඉතුරු වූ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ අතිවිශාල මුදලක්. ඒ ඉතුරු වූ මුදලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. දැන් හම්බන්තොට වරායට ගියේ ඩොලර් මිලියන 1100 යි. නොරොච්චෝලෙ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740 යි. මාතර දක්වා එම අධිවේගී මාර්ගය දිගුකිරීමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 152 යි. උතුරු නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට මිලියන 700 යි. කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 385 යි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩොලර් මිලියන 240 යි. මේ සියලූම මහා පරිමාණ ව්‍යාපෘති වලට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 යි. ඛනිජ තෙල් වියදම් අඩුවීමෙන් ආණ්ඩුවට ඉතුරු වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක්. මේක තමයි ඇත්ත කතාව.
මේ සියල්ල විනාශ වුණේ රුපියල රැුකගැනීම සඳහා දිගින් දිගටම දේශීය වෙළෙඳපොළට මුදාහැරියා. මේ වසරේදී විතරක් රුපියල මස්ත බාල්දු වීම නවතා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා මේ වන විට යොදල තියෙනව. මේ මුදල කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයක් අලූතින් හදන්න වැය වන තරම් වූ මුදලක්. මෙහෙම කරල රුපියල රැුකගන්න බැහැ. සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය පිළිබඳ විශ්වාසය අද පළුදු වෙලා. මේ දිනවල දකුණේ ගෙන්ගෙට යනව විදේශ රැුකියාවල නියුතු අයගෙ ගෙවල් වලින් ඩොලර් එකතු කරන්න. මෙසේ රුපියලේ අගය විශාල ලෙස කඩාවැටීම නිසා විදේශ විනිමය කළු කඩය ඉතා විශාල ලෙස සක‍්‍රීය වෙලා තියෙනවා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා තෙල් මිලේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නොහැකිවී තිබෙනවා. හේතුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ රුපියල කඩා වැටිල තියෙනවා.
මේ ආණ්ඩුවේ අය මේ තියන මිල සූත‍්‍රය නොදන්නව නෙවෙයි. මේ අයට ඒ මිල සූත‍්‍රයෙන් ගැලවෙන්න බෑ. හේතුව ආණ්ඩු කිරීම සඳහා කොන්දේසි පනවල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාට සිදුවුණා 2015 වසරෙදී සියයට 9.3 රුපියල අවප‍්‍රමාණය වන විට, රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමට අනුව ඉදිරි වර්ෂ තුන සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළා. මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වූ එම ණය මුදලේ වාරික වරින් වර මුදාහැරීමේදී ඔවුන්ගේ කොන්දේසි මේ රජය ඉටුකළාද කියල වරින් වර මේ රටට ඇවිත් අධීක්‍ෂණය කරනවා. ඒ අනුව ඔවුන් කිව්ව ඛනිජ තෙල් සඳහා අනිවාර්යයෙන්ම මිල සූත‍්‍රයක් හඳුන්වා දියයුතුයි කියල. ඒ නිසා දැන් අලූත් තීරණයක් ගන්න බෑ, මේ ඇත්ත රටට කියන්න ඕන. නිලධාරීන්ට දොස් කියා වැඩක් නෑ. ඛනිජ තෙල් මිල සූත‍්‍ර තීරණය කරන්නේ රජය විසිනුයි. එනම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවී තියෙනව මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් මිල ගණන් තීරණය කරන බවට. නිලධාරීන් කරන්නේ රජය තීරණය කළ සූත‍්‍රයට ඉලක්කම් ඇතුළත් කිරීම පමණයි. රජයට අනන්‍යතාවය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොකර සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්
