ආගම අතකොලුවක් කරගනිමින් එකිනෙකා පහත්කොට සැලකීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හොමු වීම රටට කරන ද්‍රෝහිකමක් බවත්, දශක තුනක යුද්ධය අවසන්ව රට යළි ගොඩනැගෙන පසුබිමක ආගම පදනම් කරගනිමින් දිගින් දිගටම භේද ඇති කරගැනීම සුදුසු නොවන බවත් රදගුරු හිමියන් පෙන්වා දෙනවා.
පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එක්තරා නීතිඥවරයෙකු ප්‍රකාශ කළේ කතෝලික පල්ලි 166 කට මේ වනවිට ප්‍රහාර එල්ල වී ඇති බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, කතෝලික දේවස්ථානවලට පහරදීම් ගැන හෝ එවැනි සිදුවීම් වාර්තා වී ඇතැයි කියන අදාල සංඛ්‍යාලේඛන පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි. කතෝලික සභාවට අදාලව පසුගිය සමයේ එවැනි සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බව ද කාදිනල් හිමියෝ සඳහන් කළා.
දේශපාලනයට සම්බන්ධ බලවේග ආගම යොදාගනිමින් භේද ඇතිකිරීමට උත්සාහ ගැනීම ඉතිහාසය පුරා සිදු වූවක් බව ද පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ආගම නිවැරදිව අදහන්නේ නම් ආගමික ගැටුම් හටගැනීමේ හැකියාවක් තිබිය නොහැකි බවයි.
[rns_reactions]