මුල්‍ය වංචා කල පරාජිත මහින්දගේ රියදුරුත් රිමාන්ඩ්..

Spread the love

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය  නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මග නැගුම’ හිටපු සභාපති ජාලිය කුලසේකර නැමැත්තාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

[rns_reactions]