මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..

මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..
Spread the love

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.. 

පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත 

උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සබැදි පුවත්

දේශපාලන ගැටුමක් නිසා සිදුවු ඝාතනයක් නිසා ජාතිවාදි ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියේ අලුත්ම තත්වය මෙන්න…

තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)

තෙල්දෙනිය ජාතිවාදි ගිනි ඇවිළු ජනපති සිහිනය දකින කොන්ත්‍රාත්කරුවන්ගේ රෙජිමෙන්තුව මෙන්න..!

තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…

ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියෙන් තවත් මනුෂ්‍ය ඝාතනයක්.. ඇත්ත කතාව මෙන්න..