මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි

මුහුණු ආවරණ පැළදීම සහ කොරෝනා අවධානම අතර සම්බන්ධය හෙළිවෙයි
Spread the love

ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා.

“මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් කිසිදු වාසියක් ඇති බවට නිශ්චිත සාක්ෂි නොමැත. එහෙත් මුහුණු ආවරණ නිසි ප්‍රමිතියට නොමැති වීම හෝ නිසි ලෙස නොපැළදීම නිසා සෞඛ්‍ය හානි සිදුවන බවට සාක්ෂි තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ  වෛද්‍ය මයික් රයන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුකදි පැවසීය.

මුහුණු ආවරණ සහ වෙනත් වෛද්‍ය සැපයුම් පිළිබඳව රයන් පැවසුවේ “අපට විශාල ගෝලීය හිඟයක් පවතින බව පිළිගත යුතුව තිබේ. මේ වන විට කොරෝන වෛරසයෙන් වැඩිපුරම අවදානමට ලක්ව ඇත්තේ සෑම දිනකම නිරන්තරයෙන්ම වෛරසයට නිරාවරණය වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ය. ඔවුන්ට මුහුණු ආවරණ නොමැති බවට සිතීම බිහිසුණුය‘‘

වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් ද සඳුදා පැවති සාකච්ඡාවේදී කියා සිටියේ “වඩාත් අවශ්‍ය අය සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට අපි ප්‍රමුඛත්වය දෙන්නෙමු. ඔවුන් නම් කොරෝනා ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ය. ප්‍රජාව තුළ සිටින ඔබට කොරෝනා ආසාදනය වී නොමැති නම් අපි ඔබට මුහුණු අවරණ පැළදීම නිර්දේශ නොකරමු. එහෙත් ඔබ ආසාදිතයෙක් වුවහොත් මුහුණු ආවරණ පැළදීම අනිවාර්යයෙන් කළ යුතුය” වැන් කෙර්කොව් පැවසීය.

“අපි මුහුණු ආවරණ පැළදීම නිර්දේශ කරන්නේ අසනීපව සිටින පුද්ගලයින් සහ අසනීපව සිටින නිවසේ සිටින පුද්ගලයින් රැකබලා ගන්නා පුද්ගලයින් සඳහා ය.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවූයේ වෛද්‍යවරුන් සඳහා පුද්ගලික ආරක්ෂක ආම්පන්න හෝ පීපීඊ ඇතුළු වෛද්‍ය සැපයුම්වල “සැලකිය යුතු හිඟයක්” ගෝලීය වශයෙන් පවතින බවයි.

“මුහුණු ආවරණ, අත්වැසුම්, නිල ඇදුම් ඇතුළුව අපගේ පෙරටුගාමී සේවකයින් සඳහා සැලකිය යුතු PPE හිඟයකට මුහුණ දී සිටින අතර අපගේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම මෙම PPE භාවිතය සඳහා ප්‍රමුඛතාවය විය යුතුයි.” වැන් කෙර්කොව් පසුගිය සතියේ පැවසීය.

ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය”

මේ අතර එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් නව කොරෝන වෛරසය වැළැක්වීම සදහා මුහුණු ආවරණ මිලදී ගැනීම නැවැත්වීම පමණක් නොව, මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ නොගන්නේ නම් කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කරන බවට අනතුරු අඟවයි.

“ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු නොවේ නම් මුහුණු ආවරණ පැළඳීමෙන් ඔබට කොරෝන ආසාදනය වීමේ අවදානම වැඩි කර ගත හැකිය” යනුවෙන් ඇඩම්ස් සඳුදා පැවසීය.‍

‘‘මුහුණු ආවරණ නිසි ලෙස අඳින්නේ කෙසේදැයි නොදන්නා අය මේ අවධානමට ඍජුව ගොදුරුවේ. ඇත්ත වශයෙන්ම එවැනි පුද්ගලයින් අතර කොරෝන වයිරස් පැතිරීම වැඩි විය හැකිය” යනුවෙන් ඇඩම්ස් පැවසීය.

“අපි නිසැකවම ප්‍රජාවන් තුළ වැඩි ව්‍යාප්තියක් දකිනවා. ආරක්ෂිතව සිටීමට මිනිසුන්ට කළ හැකි දේවල් තිබෙනවා. එය කිසිසේත් මුහුණු ආවරණයක් මිලදී ගැනීම හෝ කුමක් හෝ මුහුණු ආවරණයක් ලෙස යොදා ගැනීම නොවෙයි. ඔවුන් අවධානම වැඩි කරනවා මිස එය පාලනයට දායක වෙන්නේ නැහැ. ඒ නිසා මම අවධාරණය කරන්නේ ඔබ ආසාදිතයෙක් හෝ ආසාදිතයින් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයෙක් නොවේ නම් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය සහ ඔබ සහ සෙසු අය අනතුරේ හෙළන කටයුත්තක්. ඔවුන් නොකළ යුතු දේ සහ එකක් ඔවුන් සාමාන්‍ය ජනතාව තුළ නොකළ යුතු දේ එළියට ගොස් වෙස් මුහුණු මිලදී ගැනීමකි‘‘

ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න

මුහුණු ආවරණ පැළදීම වෙනුවට ඔහු ට්වීට් කර ඇත්තේ ‘‘ඔබ සහ ඔබ අවට සිටින අය නිරෝගීව තබා ගැනීමට නිතරම අත් සේදීම කරන්න. ඔබේ නිසි ලෙස පිරිසිදු නොකළ දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න“ යනුවෙනුයි.