මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…

මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…
Spread the love
සංශෝධිත නව කැබිනට් මණ්ඩලය හෙට (25) පෙරවරුවේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

මේ අතර යෝජිත මෙම කැබිනට් සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කාණ්ඩ 04කින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. ඉකුත් දිනවල දී දීර්ඝ ලෙස කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවත්වා ගැනීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය මුලින් යෝජනා කළා. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊට එකග වී නැහැ. දැනට ඇති සංයුතියට අනුව ශ‍්‍රී ලංකා පොලිසිය පාලනය වන්නේ ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේයි. මේ දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක කටයුතු කළා. හෙට සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේ දී ඔහුට සංචාරක අමාත්‍යංශය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.