
හැරී – මේගන් ගැන අපි පසුගිය කාලයේ ඇති තරම් කතා කළා. බි්රතාන්ය රජ පවුලේ උරුමය හැරදා ‘ස්වාධීනව’ ජීවත් වෙන්න තීරණය කළ හැරී – මේගන් යුවළ ඒ සඳහා තෝරා ගත්තේ කැනඩාව. විදෙස් මාධ්‍ය කියන ආකාරයට ඔවුන් දැන් ‘රජ’ පාට් නැතිව බොහොම සැහැල්ලූවෙන් හා සතුටින් ජීවත් වෙනවා.
මේ අතර පසුගිය දා විදෙස් මාධ්‍යවල උණුසුම් පුවතක් පළ වුණා. ඒ තමයි මේගන් හොලිඩුඞ් සිනමාවට පැමිණීමට සැලසුම් කරන බවට වන කතාව.
මේගන් ප්‍රකට නිළියක් නිසා මේ කතාව බොරුවක් විය නොහැකි බවයි තතු දත් අය කියන්නේ. ඔවුන් ඒ සඳහා උදාහරණ වශයෙන් දක්වන්නේ ඇය විවාහයට පෙර Suits නමැති මාලා නාටකයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ බවයි.
‘ඇය එමගින් විශාල මුදලක් උපයා ගත්තා. දැන් ආර්ථික ස්වාධීනත්වය සොයන මේගන්ට හොලිවුඩය තමයි හොඳම තැන’ ඔවුන් පෙන්වා දෙනවා.
මේ කතාව තවත් තහවුරු වන කතාවක් හොළිවුඩයෙන් වාර්තා වෙනවා. ඒ මේගන් පසුගිය කාලයේ අතිෂය ජනප්‍රියභාවයට පත් ‘වොන්ඩර් වුමන්’ ‘සුපර් හීරෝ’ වැනි චිත්‍රපටයකට ‘වීර චරිතයක්’ ගැන විමසිලිමත් වන ලෙස තම හොලිවුඞ් නියෝජිතයින්ට දැනුම් දී ඇති බවයි.
ආර්ථික ස්වාධීනත්වය ආපේක්ෂාවෙන් ලොව කීර්තිමත්ම රජ පවුලේ උරුමය අත්හල මේගන් අපට නුදුරේදීම හොලිඩුව් චිත්‍රපටයක දැක ගැනීමට ලැබුණොත් එය පුදුමයක් නොවන බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

