“මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ” – අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

“මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ” – අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
Spread the love


මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොව මැතිවරණයක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඊයේ (12) උන්වහන්සේ බැහැදැකීමට මහනුවරට පැමිණී අවස්ථාවේදී අනුනායක හිමියන් මේ බව සඳහන් කළා.

අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් බැහැදැකීමෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉකුත් දා ඉදිරිපත් වූ යෝජනාවලියේ ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්තී‍්‍රවරුන්ට ද අවබෝධයක් නොමැති බවයි. වත්මන් ආණ්ඩුවේ බලය රැඳී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ සහය මත බවයි මෙහිදී ප‍්‍ර‍්‍රකාශ කෙරුණේ.