වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි.
පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් පවතින බවත් වාන් දොරටු විවෘත කිරිම සඳහා අක්කර අඩි එක් ලක්ෂ දාහත්දාහක් තිබිය යුතුය. මේ වන විට දිනකට වැවෙන් තප්පරයට ඝණ අඩි 200 ක් මුදාහරින අතර දිනකට පරාක‍්‍රම සමුද්‍රයට ඇළහැරින් තප්පරයට ඝණ අඩි 200 ක් සහ කලුගගෙන් තප්පරයට ඝණ අඩි 500 ක් වැවට ජලය ලැබෙන බව කියයි.
ඉදිරි යල් කන්නය සඳහා කිසිදු බාධාවකින් තොරව පරාක‍්‍රම සමුදුයේ කන්න වගා කිරිමට හැකියාව ඇති බවත් මින්නේරිය ගිරිතලේ සහ කවුඩුල්ල වැව් සඳහා ඉදිරියෙදි වර්ෂාව ලැබුනොත් වැව් පිරවිය හැකි බව ඒ මහතා කීය.
වර්ෂාව නොලැබුණත් මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනිමේ හැකියාව ඇති බැවින් ඉදිරි යල් කන්නයේ ජල හිගයකින් තොරව ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට හැකියාව ඇති බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා වැඩිදුරටත් කිය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිපලයක් වන මොරගහකන්ද මහා ජලාශය මගින් ගොවි ජනතාවට සෙත සලසන්නට මෙතරම් ඉක්මනින් හැකියාව ලැබීම සැබවින්ම ජනතාවගේ ජයග්‍රහණයකි…

