.මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව යම් පසුබෑමකට ලක්ව තිබුණත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මස 08 වැනිදා ලැබුණු ජන බලයේ වෙනසක් සිදුවී නොමැති බව වටහාගත යුතුව ඇති අතර එදින ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා ඉදිරියට ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කළ යුතු බව විපක්ෂනායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සහයෝගීව කටයුතු කරමින් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතුව ඇති බවට සම්පන්දන් මහතා දෙපාර්ශ්වයටම අවධාරණය කොට ඇති අතර ජනතා කාර්යයන් රැසක් ඉටු කිරීමට තිබියදී වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ වෙනස් නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසයි.
