යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…

යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…
Spread the love

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක විසින් විදුහල්පතිනියක දණගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එම අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක‍්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම අදාළ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කර ගන්නා ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.