මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමුක්‌ති කොටි වැනි වදන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස් දී තිබියදී යාපනයේ ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක් විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති අතර එවැන් තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යස්‌ථාන වෙත පැමිණිලි කොට ඇත.
මෙම රැස්‌වීම සඳහා පැමිණ සිටි තරුණයන්ගේ ජංගම දුරකථනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත වාදනය වන අවස්‌ථාවේදී එම තරුණයන් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියෑසින් දුටුවෝ පවසන බැවින් මෙය හිතාමතාම සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටින අතර පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

