යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…

යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…
Spread the love

යාපනයේ කළයි කතීර් (Kalai kathir) පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් වෙත ඊයේ (28) උදෑසන 4.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිය යතුරුපැදියෙන් උදෑසන පුවත්පත් බෙදාහැරීමේ නිරතවූ ඔහුට මෝටර් සයිකල්වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලිසිය සඳහන් කළා.

රාජේන්ද්‍රන් වෙත පහර දීමට පැමිණි පිරිස 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ බවත් ඔවුන් අත කඩු සහ පොරව වැනි තියුණු ආයුධ තිබු බව පවසන කෝපායි පොලිසිය මෙම සිදුවීම පිටුපස ආවා කල්ලිය සිටින බවටද සැක පළ කරනවා.

කෙසේ වෙතත් Kalai kathir යනු යාපන අර්ධද්වීපයේ සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව පෙනි සිටින පුවත්පතක් බවත් නිති විරෝධි කේබල් රූපවාහිනි සේවාවන්ට එරෙහිව කටයුතු කළ පුවත්පතක් බවත් යාපනයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනවා.