පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් ත33%කින් පමණ වැඩි වී ඇති බවයි.
“රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් ඉතා රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය.
රුසියාව දිනකට මරණ 320 ක් වාර්තා කළ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 26,589 ක් විය.
ඉතාලියේ ද තියුණු වැඩිවීමක් සිදුවී ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 221 ක් ප්‍රකාශයට පත් කර තිබේ. අඟහරුවාදා ඔස්ට්‍රියාවේ සිදු මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවයි.
එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලයට පසු ලොව සිව්වන වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ රුසියාවෙනි. අඟහරුවාදා පමණක් එරටින් නව ආසාදන 16,550 ක් වාර්තා කර ඇති අතර බලධාරීන් දැන් ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
ඉතාලියේ ද ආසාදන ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ 22,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර බලධාරීන් පැවසුවේ පරීක්ෂණ ද වේගවත් කර ඇති බවයි.
ඉතාලිය විසින් හදුන්වාදී ඇති නව සීමාවන්ට එරෙහිව රටපුරා විරෝධතා ක්‍රියාත්මක වේ.
තවත් යුරෝපා රාජ්‍ය්‍යක් වන බෙල්ජියමේ වෛරසය තිබුණත් දිගටම වැඩකරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබේ. ඊට හේතුව වන්නේ සෞඛ්‍ය පද්ධතිය අධික ලෙස අවදානමට ලක්ව තිබීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කුමක්ද?
පසුගිය අගහරුවාදා බීබීසී වර්ල්ඩ් ඇට් වන් වැඩසටහනට අදහස් දක්වමින් ආචාර්ය හැරිස් පැවසුවේ “යුරෝපීය කලාපය පුරා කොරෝනා මරණවල තීර්‍වර වර්ධනයක් දැගත හැකි බවයි‘
පෙර සතියට සාපේක්ෂව දෛනික රෝගීන් තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති අතර දෛනික මරණ 40% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ඇය පැවසුවාය.
“රෝහල් ධාරිතාව වඩා හොඳින් කළමනාකරණය කර තිබියදීත්, රටවල් කිහිපයක රෝහල් වේගයෙන් පිරෙමින් තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය.
ආචාර්ය හැරිස් පැවසුවේ යුරෝපීය රටවල් ගණනාවකට පනවා ඇති නව සීමා කිරීම්වල ඵලදායීතාවය විශ්ලේෂණය කළ හැක්කේ සති දෙකක කාලයක් තුළ පමණක් “ප්‍රමාදය” නිසා බවයි.
“ආසාදිතයින් අඩු වීම අපි දකිනු ඇත, නමුත් ඔබ එය එක රැයකින් දකින්නේ නැත,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පැවසුවාය.
දෙවන රැල්ල පළමු රැල්ලට වඩා නරක වේදැයි ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ “අපි වෙනස් ආකාරයේ උච්චත්වයක් දකින්න යනවා. ශුභාරංචිය නම් අපගේ රෝහල් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට සමත්ව තිබීමයි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කර ඇති අතර ඔවුන් මුහුණ දීමට යන්නේ කුමක්ද යන්න ද ඔවුන් දන්නවා. තත්ත්වය දරුණු වනු ඇති බව ඔවුන් දන්නවා‘
“ අපි හදුනාගත් තවත් වැදගත් දෙයක් නම්, වත්මන් ආසාදිතයින් අතර විශාල සංඛ්‍යාවක් වඩාත් දරුණු රෝගාබාධවලට ගොදුරු නොවන කණ්ඩායම්වල සිටීමයි. ඒ තරුණ කණ්ඩායම් ය. එහෙත් එය සහතික කොට පැවසිය නොහැකියි‘
“මෙම සාධක දෙකෙන් ඇඟවෙන්නේ අප්‍රේල් මාසයේ අප දුටු මරණවල දරුණු වැඩිවීමක් අපට නොපෙනෙන බවයි” ආචාර්ය හැරිස් පැවසුවාය.
රුසියාවේ නව නීති මොනවාද?
පොදු ප්‍රවාහන, කුලී රථ, රථගාල සහ සෝපාන ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බදාදා සිට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට රුසියාව පියවර ගෙන ඇත. නව නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය බලධාරීන්ට පැවරේ.
පුපුරා යාමේ ආරම්භයේ දී රුසියාව ද ඒ හා සමාන පියවර ගෙන ඇති නමුත් ආසාදන ගණන අඩු වීමත් සමඟ ජූලි මාසයේ දී ඒවා ඉවත් කරන ලදී.
මීට අමතරව, රොස්පොට්‍රෙබ්නාඩ්සෝර් ප්‍රධානී ඇනා පොපෝවා බාර්, අවන්හල් සහ වෙනත් පොදු ස්ථාන සඳහා එක රැයකින් ඇඳිරි නීතිය නිර්දේශ කළාය. අනෙකුත් නිර්දේශ අතරට පොදු ප්‍රවාහන, කුලී රථ සහ පොදු ස්ථාන විෂබීජහරණය කිරීම ඇතුළත්ය.
ජාතික සංඛ්‍යාලේඛනවලට අනුව රුසියාවෙන් ආසාදන මිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 26,589 ක් වාර්තා වී තිබේ.


මෙම ග්‍රීෂ්ම ඍතුවේදී රුසියාව කොවිඩ් -19 ට එරෙහිව “ජයග්‍රහණය” ප්‍රකාශයට පත් කළ නමුත් දැන් එය යළිත් ඉහළ ගොස් ඇති අතර වාර්තාගත මරණ සංඛ්‍යාවක් දක්නට ලැබේ.
එසේ වුවද, සැලකිය යුතු සීමාවන් නැවත හඳුන්වා දීමට මොස්කව් පාලනය පසුබට වී තිබේ. හැකිතාක් දුරට ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නව ජාතික අගුලු දැමීමක් සිදු නොවන බවට ජනාධිපති පුටින් මෑතකදී ව්‍යාපාරිකයින්ට සහතික විය.
එහෙත් නවතම පියවර මගින් යහපත් තත්ත්වයක් ඇතිවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ( මුහුණු ආවරණ බලාත්මක කිරීම සහ රාත්‍රී ජීවිතයට ඇඳිරි නීතිය පැනවීම නිර්දේශ කිරීම) රෝහල්වල ඇඳන් රෝගීන්ගෙන් පිරී ඇති අතර තවත් එහි අලුත් රෝගීන්ට අවස්ථාවක් නැත. මෘත ශරීරාගාරවල තත්ත්වය ද එසේය. ඒවා පිරී ඇත. වඩාත් කණස්සලු සහගත තත්ත්වය වන්නේ අධික ලෙස වැඩ කරන වෛද්‍යවරුන් පිළිබඳ රුසියාවේ පළාත් වලින් ලැබෙන වාර්තායි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි ආතතියට පත්ව ඇති අතර ඔවුන්ට විරාමයක් ලැබෙන බවට සහතිකයක් ද නැත.
මොස්කව්හි දිනකට කෝවිඩ් රෝගීන් 1,000 කට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කරනු ලැබේ. නමුත් අගනගරයේ මුහුණු ආවරණ නීති දැනටමත් දැඩි කර ඇති අතර, සමාජශාලා සහ බාර් වෙත යන්නන් දැනටමත් ඔවුන්ගේ දුරකථන අංක ලබාදීම කළ යුතුය.
නගර බලධාරීන් පවසන්නේ නව ආසාදනවල වේගය මන්දගාමී වී ඇති බැවින් නව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ “ආර්ථිකයේ ඕනෑම අංශයක්” වසා දැමීමට ඔවුන් ව්‍යාපාරික ස්ථානවලට බල නොකරන බවයි.

යුරෝපයේ වෙනත් තැනක සිදුවන්නේ කුමක්ද?
ප්‍රංශයේ පැරිස් අග නගරය මේ වන විටත් ඇඳිරි නීතිය පුලුල් කරමින් හා තවත් නගර ඇතුළු කිරීමට පියවර ගෙන ඇත. (රජය දැඩි පියවර සාකච්ඡා කර ඇත) පසුගිය අඟහරුවාදා රට තුළ නව රෝගීන් 33,417 ක් සහ නව මරණ 523 ක් වාර්තා වී තිබේ.
ඉතාලිය , ටියුරින් උතුරු නගරයේ නව සීමා කිරීම්වලට එරෙහිව පසුගිය සදුදා පැවති විරෝධතාවලට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි. මිලාන්හි ද ගැටුම් වාර්තා විය. පසුගිය සිකුරාදා සිට අවන්හල්, බාර්, ජිම් සහ සිනමා ශාලා වසා දැමීම පිළිබඳව ජනතාව කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.
එක්සත් රාජධානියේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයෝ පවසන්නේ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය පැවතිය හැකිකේ ආසාදනය වීමෙන් මාස කිහිපයක් පමණක් බවයි. ප්‍රතිදේහ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ජුනි සහ සැප්තැම්බර් අතර 25%කින් පමණ අඩුවී ඇති අතර එය 65 ට වැඩි අයගේ විශාලතම අඩුවීමකි.
බෙල්ජියමේ රෝහල් ගතවීම් 88% කින් ඉහළ ගොස් ඇති අතර, දැඩි සත්කාර ඇඳන් වලින් අඩක් දැනටමත් පුරවා ඇති බවට නිලධාරීන් අනතුරු අඟවයි. රෝහල් 10 ක ධනාත්මකව පරීක්‍ෂා කළ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වූ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ දිගටම වැඩ කරන ලෙසයි. යුරෝපයේ දෙවන රැල්ලේ කේන්ද්‍රස්ථානය වන්නේ බෙල්ජියමය.
ස්ලෝවැකියාව මෙම සති අන්තයේ සිට සිය මුළු ජනගහනයම පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට නියමිතය. ආසාදිත පුද්ගලයින් දස දහස් ගණනක් හඳුනා ගැනීමට අගමැති ඊගෝර් මැටොවික් බලාපොරොත්තු වේ. හදුනාගත් ආසාදිතයින් ඔවුන්ගේ පවුල් සමඟ එක්ව ඉදිරි දින 10 නිරෝධායනයේ ගත කරනු ඇත.
“අපට තිබුණේ විකල්ප දෙකක් පමණි, සාමාන්‍ය පරීක්ෂණ හෝ සම්පූර්ණ අගුළු දැමීම. අපි තෝරා ගත්තේ අවදානම අඩුම පළමු විකල්පය” ඔහු පැවසීය.
බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ තීක්ෂණ වෙළෙන්එගොඩ