යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…
Spread the love

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.

ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ අතර එහිදී ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද හෙළීමටද ශෙහාන් සමත්විය.

එම අබාධය හේතුවෙන් මාසයක පමණ කාලයක් ශෙහාන් ට ක‍්‍රිකට් අහිමි වන බව ලැබ්රෝයි මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත් ශෙහාන් වෙනුවට කණ්ඩායමට කැදවන ක‍්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති අතර විචාරකයින් පවසන්නේ බොහොදුරට ලසිත් මාලිංග නිදහස් කුසලානය සදහා කණ්ඩායම කැදවනු ඇති බවයි