රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා

රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා
Spread the love
මෙ වන විට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය හා සේවකයෝ අවුරුද්දෙන් මාස 3 ක්  රාජකාරි නිසි ලෙස ඉටුකරන අතර අනෙක් මාස 9 ම  රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකර මාසික වැටුප් ලබාගන්නා බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී රාජකාරි නිසි ලෙස ඉටු නොකළහොත් සේවයෙන් ඉවත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට පූර්ණ බලතල ලබාදී ඇති බවත් මින් ඉදිරියට ආයතනයේ ලාභ නොපෙන්නුවහොත් ප්‍රසාද දීමනා ලබාදීම අත්හිටුවන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
 
එලෙසම රාජකාරි කටයුතු සඳහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත්, ආයතනය තමන්ගේ යැයි සිතා සේවය කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.