රජයේ වෛද්‍ය වර්ජනයට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට යයි

රජයේ වෛද්‍ය වර්ජනයට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට යයි
Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන වැඩ වර්ජනයක් බවට තොරතුරු හෙළිවී ඇත.

පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදී ලබා දී ඇත. ඊට අමතරව වෛද්‍යවරුන් කැඳවාගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබූ අතර බස් රථ සඳහා මුදල් ලබාදී ඇත්තේද බැසිල් රාජපක්ෂ විසිනි. මේ සියළු තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගේ ලැබී ඇති බව දැනගන්නට ඇත. ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකල සියලු සාකච්ඡාවන්ට සහභාගී වී ඇත.

ඔහු විසින් ලබාදුන් තොරතුරු ප්‍රකාරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතය.