19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 05 ක්ද 06 ක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කිරීමේදී අවුරුදු 05 කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව මතයක් දක්වා නොමැතිවීම තුල වර්තමාන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු පාලනය අවසන් වන්නේ කවදාද යන කාරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතරද මේවනවිට දෙගිඩියාවක් හටගෙන ඇතැයි වාර්තාවේ.