රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ

රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ
Spread the love
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඊයේ (2) දින බැහැදුටු අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී. ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය,
“රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු අතර අවුරුදු දෙකක කාලය තුළ විශාල කාර්යභාරයක් සිදුකළ නොහැකි බව අපට පෙනුණා. මේ කාලය තුළ වැරදි ක්‍රියාමාර්ගවල තවදුරටත් යෙදුණොත් ජනතාවට වගකියන්න සිදුවෙන නිසයි ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිමින් අපගේ කාර්යභාරය ඉටුකිරීමට අප තීරණය කළේ”