“ආණ්‌ඩුව මුහුණ පා තිබෙන මෙම අර්බුදය නිසා ජනතාව කලකිරී සිටිනවා ආණ්‌ඩුවට හැමදාම අහන්ඩ ලැබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගැනයි. ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි කියා ආණ්‌ඩුව නිතරම කතා බහ කරනවා. රටේ ප්‍රශ්න ගැන බලන්නේ නැහැ. රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාද වෙන්නේ මේ විශ්වාසභංග යෝජනාව පස්‌සේ යන හින්දයි.
විශ්වාසභංග යෝජනාවට අපේ සහාය ලැබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය මතයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ගැන වැඩි විස්‌තර ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එය එදාට බලාගනිමු යැයි විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත.

